Friday, December 30, 2011

the TRUTH is in you.....

"By & large, Kachchayana, this world is supported by (takes as its object) a polarity, that of existence & non-existence. But when one sees the origination of the world as it actually is with right discernment, 'non-existence' with reference to the world(mind,thoughts..) does not occur to one. When one sees the cessation of the world(mind) as it actually is with right discernment, 'existence' with reference to the world does not occur to one."
lord Buddha said this particular dhamma to kachchayana goththa thero who asked about the "samma dhitti" or the right view from the Buddha. Buddha stated that, by getting free from both extream  ends, mind can get the middle way.that`s what explained as the samma dhitti or the right view.by using the word "world" lord Buddha explained about the mind which collects the thoughts through going around the six places of ours:eyes(scenes),ears(sounds),nose(smells),toung(taste),skin(touch),mind(though ts).through going around these areas mind is collecting thoughts.with those thoughts the world is being created.so that you have your own world, I have my own world.there`s nothing to believe as a real,absolute world.In brief:world is thoughts.
                                                       when you are having a deep sleep, do you have a world?no,you havn`t.you may think that you know that the world is there whether you have gone a sleep,but you got that particular "thought" because of your mind.even without that you cannot think of a world.
                                                whole your mind is on a two folded ends ,which is the cause of your sufferings.
                         happy-unhappy
                         joy    - suffer
                      bright   - dark
All these two folded thoughts are coming because of desire you have attached to your own thoughts about the world ,believing that the world is a real one.
                                             World is all about your thoughts:mind.

Thursday, December 29, 2011

අද ශාසනය.......

අද වන විට ගෞතම බුද්ධ ශාසනය මහත් වූ පරිහානියකට ලක්ව තිබෙන බව ඔබ මා කාහටත් හොඳින් වැටහෙන කාරණයකි.ඒ පරිහානිය මා අදහස් කරන්නේ භෞතික පරිහානියක් නොව ආධ්‍යාත්මික වූ පරිහානියකි.අද ශාසනයේ ඒ ඇත්තේ පෙර පැවති ගණින්නාසේලාගේ කලේ තිබූ තත්ත්වයය.අද හාමුදුරුවරුන් වහන්සේලා කරන්නේ දාන වැළඳීමත්,රැකී රක්ශා කිරිමත්,නිවන් මාර්ගය දෙසනවා වෙනුවට ගාථාවක් කියා ගෑනු කොටට අදින එක ගැනත්,අනෙක් හාමුදුරුවරුන් වහන්සේලාගේ වැරදී කිය කියා සිටීමය.පැහැදිලිව නිර්වාණ මාර්ගයක් දේශනා කරන ස්වාමීන්වහන්සේලා ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි.බණක් දෙසනවානම් දෙසන්නේ ත්‍රිපිටකයේ නැති අමුතු අර්ථයන්ය.
          මේ තත්ත්වය අද ඊයේ පටන් ගත් දෙයක් නොව බොහෝ කල් සිට වර්ධනය වූ පරිහානියකි.මේ ඇති අමුතු බණ වල ඇත්තේ සරළ බාල තේරුම්ය.අපිට සතර සංග්‍රහ වස්තු උගන්වා ඇත්තේ මෙසේය:
 1.දානය ~ උතුම් දානය ධර්ම දානයයි.නමුත් එය කරන්නේ සල්ලි වලින්ය.රූපවාහිනියේ ,ගුවන් විදුලියේ ධර්ම දේශනා ප්‍රචාරය කිරීම,පොත් අච්චු ගැසීම.
 2.ප්‍රිය වචනය~ හොඳ වචන
 3.අර්ථ චරියාව~හොඳ හැසිරීම
 4.සමානත්මතාව~සැමට සමානව සැලකීම
              නමුත් ත්‍රිපිටකයේ බල සංග්‍රහ වත්ථු සූත්‍රයේ ඇත්තේ මෙම තෙරුම් නොවේ!!!
      එහි ඇත්තේ මෙසේය:
 1.දානය: දහම හැසිරීමෙන් තමා ලත් අත්දැකීම් අනෙකෙකුට කියා දීම උතුම් ධර්ම දානයයි.
 2.ප්‍රිය වචනය: ප්‍රයෝජන ඇත්තන්ට ධර්ම දේශනය ප්‍රිය වචනයයි.
 3. අර්ථ චරියාව: ශ්‍රද්ධා නැතිවුන් ශ්‍රද්ධාවෙහි පිහිටුවීම,ප්‍රඥාවේ නොපිහිටිය වුන් ප්‍රඥාවේ පිහිටුවීම.....
 4.සමානාත්මතාව: සෝතාපන්නයා සෝතාපන්නයාටද,සකෘදාගාමියා සකෘදාගාමියාටද,අනාගාමියා අනාගාමියාටද,රහත් උතුමා රහත් උතුමාටද සමානය.
           අද අපිට කියා දෙන්නේ මේවා නොවේ.එය වත්මන් බෞද්ධයන්ගේ අවාසනාවය.අපි දන්නා ආර්ය අෂ්ඨාංගික මාර්ගයක්වත් නැත.අපිට මේ කියා දී ඇති ආර්ය අෂ්ටාංගික මර්ගයෙන් ගියොත් නිවන කෙසේ වෙතත් වෙන කොහෙට හරි යා හැක.අපිට කියා දුන්නේ සම්මා දිඨ්ටිය යනු නිවැරදි දැකීම බවයි..නමුත් ඒ ඒ පුද්ගලයාට ඇති නිවැරදි දැකීම් සාපේක්ශය.මිනී මරන්නෙකු මිනී මරන්නේ ඔහුට එය නිවැරදි දැකීමක් වන නිසාය..මේවාද බුදු රජුන් දුන් තේරුම්?සම්මදිඨ්ටිය ලෙස බුදුන් දේශනා කලේ ඇත හා නැත යන ද්වී ස්වභාවයෙන් ඉවත් වී මධ්‍යයට පැමිනීමයි.සම්මා කම්මන්ත ලෙස අපිට කිව්වේ යහපත් වෙළඳාම කියායි.බුදු රජුන් බුදු වුනේ වෙළඳාම් කොර කොරද??
 අද "පිරිසිදු බුදු බණ" කිය කියා අද දෙසන්නේ මේවාය.
     අද සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් වී ඇති කාරණයක් නම් මාර්ග ඵල ප්‍රකාශ කිරීමයි.අද සැබෑවටම කෙනෙක් මාර්ගඵල ලබා ප්‍රකාශ කලොත් ඔහු පිස්සෙකුය යන අඳ බාල කතාවක් ගොතා ඇත.කෙනෙක් මාර්ගඵල ප්‍රකාශ කරා නම් එම කෙනාව පරීක්ශා කර බැලිය යුතුය.මන්ද යත් වත්මන් ශාසනයට මාර්ගඵල ලාබී උතුමන් අවශ්‍ය බැවිනි.මාර්ගඵල ප්‍රකාශනය වැරද්දක් නොවේ.වැරැද්දක් වන්නේ බොරුවට කීවොත්ය.පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් තමාගේ රහත් භාවය ප්‍රකාශ කල සේක.බුදූහු තමන්වහන්සේ බුදු වූ බව ප්‍රකාශ කර නොසිටියා නම් අපි අද මහත් සේ අසරණය.අද මාර්ගඵල ලාභීන් ඵලය ප්‍රකාශ නොකරනවා යයි කතාවක් සාදා ඇත්තේ පෙර පැවති ගණින්නාන්සේලාය. එවිට ඕනිම හොරෙක්ට බිම  බලාගෙන සිටීමෙන් සෝවාන් බව ඇඟවිය හැකිය.
                 අද බෞද්ධයන්ට කිරීමට ඇත්තේ එක්කෝ ත්‍රිපිටකය තමාම ස්වයං අධ්‍යනය කොට දහම අවබෝධ කර ගැනීමය.නැත්තම් හොඳින් සොයා බලා බණ ඇසීමය...............

Wednesday, December 28, 2011

ලෝකය,විද්‍යාව සහ අපි

අද අප සෑම දෙනාම පාලනය කරනු ලබන්නේ බටහිර දැනුම් ආධිපත්‍ය විසිනි.එයින්ද බටහිර විද්‍යාවට හිමිවන්නේ ප්‍රබලම ස්ථානයකි.ඕනෑම විද්‍යාවක් ගොඩ නැගෙන්නේ එම විද්‍යාව අයත් සංස්කෘතියේ වූ දැනුම් ඌනතාවයට පිලියෙමක් වශයෙනි.සිංහල අපටද විද්‍යාවක් තාක්ශණයක් තිබිණි.නමුත් එම විද්‍යාවේ අවසාන අරමුණ නිවනයි.තථාගත දහම ඇසුරින් සෑම මිනිසෙකුටම වැඩදායි වූ දර්ශණයක් වී නම්  ඒ සිංහල බෞද්ධ සංස්කෘතියේ තිබී මැකී ගිය සිංහල විද්‍යා දර්ශණයි.සැලකිය යුතු දෙය නම් සංස්කෘතිය තුල කවදාවත් සත්‍ය,නිවන,විමුක්තිය නොමැති බවයි.(අද බුදු දහම ලෙස පවතින්නේ සම්ප්‍රදායක් මිස පැහැදිලි ප්‍රතිපදාවක් නොවේ.)
 අපි බටහිර විද්‍යාවට හැරී බලමු.කවරෙක් කුමක් කීවත් මුලු මහත් බටහිර ලෝකයම දුවන්නේ ක්‍රිස්තියානි චින්තනය මතය.
   මුලු මහත් බටහිර විද්‍යාවම රඳා පවතින්නේ නිරපේක්ශ අවකාශය මතය.නිව්ටන් ගේ ඊනියා චලිත සිද්ධාන්ත සියල්ලම වන්නේ මෙම නිරපේක්ශ අවකාශයට සාපේක්ශවය.නිව්ටන් සෑම දෙයක්ම නිරපේක්ශ අවකාශයට ගම්‍ය කොට එම අවකාශය තුල අවස්තිථිතික රාමු සාදා අපට චලිත නියම ඉදිරිපත් කලේය.මේ සෑම තැනම ඇති නිරපේක්ශ අවකාශයෙන් නිරූපණය වන්නේ කවුරුන්ද?ඒ දෙවියන් වහන්සේය.නිව්ටන් කියා සිටියේ දෙවියන් වහන්සේ සෑම තැනම සිටින නිසා නිරපේක්ශ අවකාශය යනු දෙවියන් වහන්සේම වන බවයි.බටහිර විද්‍යාවට  අනුව සැබෑ ලෝකයක් පවතී, යතාර්ථයක් ඇත.අප මැරුනත් නැතත් ලෝකය පවත්යි.ක්වන්ටම් භෞතික විද්‍යාවේ ආගමයත් සමගම නිව්ටෝනියානු සම්භාව්‍ය භෞතික විද්‍යාව කඩා වැටුනි.ඒ යතාර්ථය වෙනුවට අයින්ස්ටයින් වෙනත් යතාර්ථයක් ගෙනාවේය.ඒ අවකාශ කාල වක්‍රතාවයි.ෂෘඩිංගර් බලලාගේ පරීක්ෂණයෙන් ,ක්වොන්ටම් භෞතිකයෙන් යතාර්ථය ප්‍රතික්ශේප වීමට ගියද අයින්ස්ටයින් එයට දැඩි ලෙස විරුද්ධ විය.ඒ දෙවියන් වහන්සේගෙන් වියුක්ත ලොවක් ගැන ඔවුනට සිතීමට නොහැකි බැවිනි.
                   බෞද්ධයන් ලෙස අපට යතාර්ථයක් නැත.ලෝකයක් ලෙස පිලිගැනීමට දෙයක් නැත.මන්ද ලෝකයක් නොමැති බැවිනි.
                 තථාගතයන් වහන්සේ ලෝකය ලෙස පැණවූයේ ඇස, කණ,නාසය,දිව,සිරුර හා මනසයි.මේ සය තැනින් ලබාගන්නා සිතිවිලි ලෝකය මවයි.යමෙකුට සිතිවිලි පහල නොවේ නම් ඔහුට ලෝකයක් නැත.ඔබට රාත්‍රියේ නිදාගත් විට(සිහිනවත් නොපෙනෙන විට )ලෝකයක් පවතීද?අප යමක් ස්පර්ශ කලවිට ස්පර්ශයෙන් සිතිවිලි හට ගනියි.දැනුනු දෙය ඇත්තක් ලෙස මනස මගින් සිතිවිලක් ජනිත කරයි.එවිට ලෝකය පහල වේ.නිබ්බාන යනු කිසිම සිතිවිල්ලක් නැති,මනසද නැති භාවයයි.එය හැදින්වීමට නොහැකිය.ඒ හඳුන්වීමට දෙයක් නොමැති බැවිනි.නිවන ශුන්‍යතාවක්ද නොවේ.හිස් බවක් පවතී නම් එතැන තව යමක් ඇත.එනම් හිස් බවයි.නිවනට වචන නැත.
           ලෝකයක් නොමැති නම් ,යතාර්ථයක් නොමැති නම් අප සෑම දෙනාටම එකම දෙය පෙනෙන්නේ අයි? ඒ අපගේ මෝහ වේගයයි.තණකොල අපට කොළ පාටට පෙනුනද හරකුන්ට පෙනෙන්නේ අළු පැහැයටය.ඒ හරකාගේ මෝහ වේගයේ තරමය.අපට තණකොල කොළ පාටටත්,හරකාට අළු පාටටත් පෙනේ නම් ඇත්ත තණකොලේ පැහැය කුමක්ද?උත්තර දීමට නොහැකිය.සියල්ල තුල ඇත්තේ සාපේක්ශභාවයකි.සැබෑවටම තණකොලයක්වත් නොමැති එකේ එහි පැහැය ගැන කවර කතාද?සියල්ල සිතිවිලිය.රහතන් වහන්සේ තුල සිතිවිලි නැත.උන්වහන්සේලා ලෝකයෙන් එතෙර වී ඇත.එනම් ද්වී ස්වභාවය අවබෝධ කරගෙන ,එම අන්ත අත හැර ,මධ්‍යයට පැමිණ මධ්‍යයත් අත හැර නිවනට පැමින ඇත................

Tuesday, December 27, 2011

ද්වී ස්වභාවය

ද්වී ස්වභාවය ලෝක යථාර්තයයි..මේ ස්වභාවය භෞතික වූ ලෝකයේද,මානසික ලෝකයේද පවතින ස්වභාව ද්විත්වයකි.(මානසික හා භෞතික ලෙස ලෝක දෙකක් නැත.ඇත්තේ මානසික ලෝකයක් පමණි.අවබෝධ වීමේ පහසුවට එසේ සදහන් කලෙමි.)මුලු මහත් තථාගත දර්ශනයේම ලෝක යථය වූ මේ ස්වභාව හෙවත් ද්වී අන්තයන්ගෙන් මිදී මධ්‍යයයෙන් ලෝකය (සිත ) අවබෝධ කරගැනීමයි.කච්චානගොත්ත සූත්‍රයේදී බුදු රජු පැහැදිලිව මේ ගැන වදාරා ඇත.එහි පෙල මෙසේය.
"ද්වය0 නිස්සිතෝ ඛෝ කච්චායන ලෝකෝ යෙභුය්‍යන අත්ථිතන්ච නත්ථිතන්ච.ලෝක සමුදයන්ච ඛෝ කච්චාන යථා භූත0 සම්මපන්නාය පස්සතො යා ලෝකෙ නත්ථිතාය සා න හෝති.ලෝක නිරෝධ0 ඛෝ කච්චාන යථා භූත0 සම්පන්නාය පස්සතො යා ලෝකෙ අත්ථිතාය සා න හොති......."
තථාගතයන් වහන්සේ ලෝක යයි වදාලේ සිතටය.සිතේ සැමවිට අන්ත දෙකක් පවතී.ඇත යන අන්තය හා නැත යන අන්තයයි.බුදූහු මෙමෙ සූත්‍රය වදාලේ සම්ම දිඨිය පැහැදිලි කිරීමටය.උන්වහන්සේ සම්මා දිඨ්ටිය යයි වදාලේ ද්වී  ස්වභාවයෙන් ඉවත් වී මධ්‍යයේ සිත පිහිටුවා ගැනීමය.එනම් අන්ත දෙකම බැහැර කිරීමයි.මෙම ද්වී ස්වභාවය යනු සිත විසින් ඇති කරගන්නා සාපේක්ශව දැකීමයි.ලෝකයේ සෑම දෙයක්ම සාපේක්ශතාවයක් මත පිහිටයි.කලු ඇත්තේ සුදු නිසාය.සුදු ඇත්තේ කලු නිසාය. අදුර ඇත්තේ ආලෝකය නිසාය.ආලෝකය ඇත්තේ අදුර නිසාය.මන්ද ලෝකයම සිතින් නිර්මාණය කරගත් ,සිතින්ම ඇදගෙන යන දෙයක් බැවිනි.සැබෑ ලෝකයක් ඇති යයි අපට පෙනෙන්නේ මෙම ද්වී ස්වභාවයෙන් යුතු සිතිවිලි නිසාය.දුක ඇති වන්නෙද එය නිසාය.උදාහරණයක් ගෙන බලමු. අපේ ආසා කර කරන දෙයක් බිදුනා යයි සිතමු.එවිට අපට දුක දැනෙන්නේ දැන් එය "නැත" යැයි සිතුවිල්ලක් එන නිසාය.නැත යයි සිතුනේ කලින් "ඇත" හෙවත් තිබුනා යයි සාපේක්ශතාවයක් සාදා ගෙන තිබුනු නිසා ය.මෙම ඇත හා නැත යන අන්ත දෙකම ඉවත් කල පසු දුක ඉවත් වී සිත ශාන්ත ස්වභාවයකට පත් වෙයි.අට ලෝ දහමෙන් අකම්පිත වෙනවා යනු මේ ද්වී ස්වභාවයෙන් ඉවත් වී මධ්‍යයෙන් ,ගැඹුරු උපේක්ශාවකින් ,සෑම දෙයක් කෙරෙහිම නිශ්චලව බලා සිටීමයි.

විද්‍යාව අවිද්‍යාවක්ද?

"ඇත්තටම විද්‍යාව නම් ඇත්තම ඇත්තකි"කුඩාකල මට ගෙදරින්ද,පාසලින්ද,රූපවාහිනියෙන්ද, මුලු මහත් සමාජ ව්‍යුහයෙන්ම  බලහත්කාරයෙන් ඇතුල් කරේ එයයි.....ඒ කාලයේ අපි විද්‍යා මහැදුරන් කෙරෙහි වූ ඉමහත් භක්තියකින් කතා කලෙමු,...ඒ කලේ අපේ වීරයන් නම් ඔවුන්ය..
මම ගුරුත්වාකර්ශණය පරම සත්‍යයකැයි සිතුවෙමි.චුම්බක ක්ශේත්‍ර ,වාස්තවික වූ චලිතයන්,මට සිතකින් දැකිය නොහැකි මනසින් ව්‍යුක්ත වූ සැම ස0කල්පයක්ම මා ඇදහුවෙමි........මාහට ඒවායේ ප්‍රශ්න තිබුනද ඒවා මගේ නොදැනුවත්කම් ලෙස බැහර කලෙමි.
අවසානයේ මා බුදු දහමත් විද්‍යාත්මක යයි සිතුවෙමි....
සැබවින්ම එක ඉලෙක්ට්‍රෝනයක්වත් නොදැක්ක මා ඒවා විශ්වාස කලේ ඇයි?බක පණ්ඩිත හේතුවාදීන් නිර්දය ලෙස අවිද්‍යාත්මකව, අපේ බුදු දහමේ සදහන් අමනුශ්‍ය අදී සත්ව කොට්ඨාශ බැහැර කරද්දී නොපෙනුනු පලියට( ඔවුන්ගේ දෑස්වලට හා උපකරනවලට ), මා ඉලෙක්ට්‍රෝන,ප්‍රෝටෝන විශ්වාස කරේ ඇයි?මා ඉලෙක්ට්‍රෝන දැකද නැත.මා විතරක් නොව ඒක සොයාගත් ජේ.ජේ.තොම්සන් ද දැක්කේ නැත.ඒ උනත් පත්තර වල,රූපවාහිනියෙන් අප ඉදිරියට ආ පණ්ඩිතයෝ අපට, ඇස් වලට,පසිදුරන්ට (ඔවුන්ගේ)ගෝචර නොවූ අමනුශ්‍ය,දෙව,බ්‍රහ්ම කායිකයින් විශ්වාස නොකිරීමට උපදෙස් දුන්හ.මේවා සාඪාරණද?
                       විද්‍යාව යනු පට්ටපල් බොරුවකි,කතාවකි,නොදන්නා දෙයක් විස්තර කිරීමට ගණිතාශ්‍රයෙන් සැදූ කතාවකි.ගුරුත්වාකර්ශණය යනු පොල් ගෙඩියක් බිමට වැටීමට හේතුව ලෙස නිව්ටන් ගොඩ නැගූ කතාවය. පසුව අයින්ස්ටයින් පොල් ගෙඩි වැටෙන්නේ අවකාශ කාල වක්‍රතාව නිසා ‍යැයි කීවේය.තව කෙනෙක් කවදා හෝ තවත් කතාවක් කියනු ඇත. යතාර්ථයක් වූ, අවසාන වු එකම හේතුවක් පවතීද?
 සමහරු කියන්නේ විද්‍යාව දැන් සත්‍යට ආසන්නව ඇති බවයි.එසේ කියන්නේ ඔවුන් සත්‍ය දැකලාද?පොල් ගෙඩි වැටීමට හේතුවක් නැත.ඇත්තම වූ ලෝකයක් නැත.යථාර්තයක් නැත..සත්‍ය නම් යථාර්තයක් නොමැති බවයි.මෙය දීර්ඝ ලෙස මා පසුව විස්තර කරනෙමි.විද්‍යාව හෙවත් බටහිර අවිද්‍යාව පට්ටපල් බොරුවකි.