Tuesday, December 27, 2011

ද්වී ස්වභාවය

ද්වී ස්වභාවය ලෝක යථාර්තයයි..මේ ස්වභාවය භෞතික වූ ලෝකයේද,මානසික ලෝකයේද පවතින ස්වභාව ද්විත්වයකි.(මානසික හා භෞතික ලෙස ලෝක දෙකක් නැත.ඇත්තේ මානසික ලෝකයක් පමණි.අවබෝධ වීමේ පහසුවට එසේ සදහන් කලෙමි.)මුලු මහත් තථාගත දර්ශනයේම ලෝක යථය වූ මේ ස්වභාව හෙවත් ද්වී අන්තයන්ගෙන් මිදී මධ්‍යයයෙන් ලෝකය (සිත ) අවබෝධ කරගැනීමයි.කච්චානගොත්ත සූත්‍රයේදී බුදු රජු පැහැදිලිව මේ ගැන වදාරා ඇත.එහි පෙල මෙසේය.
"ද්වය0 නිස්සිතෝ ඛෝ කච්චායන ලෝකෝ යෙභුය්‍යන අත්ථිතන්ච නත්ථිතන්ච.ලෝක සමුදයන්ච ඛෝ කච්චාන යථා භූත0 සම්මපන්නාය පස්සතො යා ලෝකෙ නත්ථිතාය සා න හෝති.ලෝක නිරෝධ0 ඛෝ කච්චාන යථා භූත0 සම්පන්නාය පස්සතො යා ලෝකෙ අත්ථිතාය සා න හොති......."
තථාගතයන් වහන්සේ ලෝක යයි වදාලේ සිතටය.සිතේ සැමවිට අන්ත දෙකක් පවතී.ඇත යන අන්තය හා නැත යන අන්තයයි.බුදූහු මෙමෙ සූත්‍රය වදාලේ සම්ම දිඨිය පැහැදිලි කිරීමටය.උන්වහන්සේ සම්මා දිඨ්ටිය යයි වදාලේ ද්වී  ස්වභාවයෙන් ඉවත් වී මධ්‍යයේ සිත පිහිටුවා ගැනීමය.එනම් අන්ත දෙකම බැහැර කිරීමයි.මෙම ද්වී ස්වභාවය යනු සිත විසින් ඇති කරගන්නා සාපේක්ශව දැකීමයි.ලෝකයේ සෑම දෙයක්ම සාපේක්ශතාවයක් මත පිහිටයි.කලු ඇත්තේ සුදු නිසාය.සුදු ඇත්තේ කලු නිසාය. අදුර ඇත්තේ ආලෝකය නිසාය.ආලෝකය ඇත්තේ අදුර නිසාය.මන්ද ලෝකයම සිතින් නිර්මාණය කරගත් ,සිතින්ම ඇදගෙන යන දෙයක් බැවිනි.සැබෑ ලෝකයක් ඇති යයි අපට පෙනෙන්නේ මෙම ද්වී ස්වභාවයෙන් යුතු සිතිවිලි නිසාය.දුක ඇති වන්නෙද එය නිසාය.උදාහරණයක් ගෙන බලමු. අපේ ආසා කර කරන දෙයක් බිදුනා යයි සිතමු.එවිට අපට දුක දැනෙන්නේ දැන් එය "නැත" යැයි සිතුවිල්ලක් එන නිසාය.නැත යයි සිතුනේ කලින් "ඇත" හෙවත් තිබුනා යයි සාපේක්ශතාවයක් සාදා ගෙන තිබුනු නිසා ය.මෙම ඇත හා නැත යන අන්ත දෙකම ඉවත් කල පසු දුක ඉවත් වී සිත ශාන්ත ස්වභාවයකට පත් වෙයි.අට ලෝ දහමෙන් අකම්පිත වෙනවා යනු මේ ද්වී ස්වභාවයෙන් ඉවත් වී මධ්‍යයෙන් ,ගැඹුරු උපේක්ශාවකින් ,සෑම දෙයක් කෙරෙහිම නිශ්චලව බලා සිටීමයි.

No comments:

Post a Comment