Tuesday, December 27, 2011

විද්‍යාව අවිද්‍යාවක්ද?

"ඇත්තටම විද්‍යාව නම් ඇත්තම ඇත්තකි"කුඩාකල මට ගෙදරින්ද,පාසලින්ද,රූපවාහිනියෙන්ද, මුලු මහත් සමාජ ව්‍යුහයෙන්ම  බලහත්කාරයෙන් ඇතුල් කරේ එයයි.....ඒ කාලයේ අපි විද්‍යා මහැදුරන් කෙරෙහි වූ ඉමහත් භක්තියකින් කතා කලෙමු,...ඒ කලේ අපේ වීරයන් නම් ඔවුන්ය..
මම ගුරුත්වාකර්ශණය පරම සත්‍යයකැයි සිතුවෙමි.චුම්බක ක්ශේත්‍ර ,වාස්තවික වූ චලිතයන්,මට සිතකින් දැකිය නොහැකි මනසින් ව්‍යුක්ත වූ සැම ස0කල්පයක්ම මා ඇදහුවෙමි........මාහට ඒවායේ ප්‍රශ්න තිබුනද ඒවා මගේ නොදැනුවත්කම් ලෙස බැහර කලෙමි.
අවසානයේ මා බුදු දහමත් විද්‍යාත්මක යයි සිතුවෙමි....
සැබවින්ම එක ඉලෙක්ට්‍රෝනයක්වත් නොදැක්ක මා ඒවා විශ්වාස කලේ ඇයි?බක පණ්ඩිත හේතුවාදීන් නිර්දය ලෙස අවිද්‍යාත්මකව, අපේ බුදු දහමේ සදහන් අමනුශ්‍ය අදී සත්ව කොට්ඨාශ බැහැර කරද්දී නොපෙනුනු පලියට( ඔවුන්ගේ දෑස්වලට හා උපකරනවලට ), මා ඉලෙක්ට්‍රෝන,ප්‍රෝටෝන විශ්වාස කරේ ඇයි?මා ඉලෙක්ට්‍රෝන දැකද නැත.මා විතරක් නොව ඒක සොයාගත් ජේ.ජේ.තොම්සන් ද දැක්කේ නැත.ඒ උනත් පත්තර වල,රූපවාහිනියෙන් අප ඉදිරියට ආ පණ්ඩිතයෝ අපට, ඇස් වලට,පසිදුරන්ට (ඔවුන්ගේ)ගෝචර නොවූ අමනුශ්‍ය,දෙව,බ්‍රහ්ම කායිකයින් විශ්වාස නොකිරීමට උපදෙස් දුන්හ.මේවා සාඪාරණද?
                       විද්‍යාව යනු පට්ටපල් බොරුවකි,කතාවකි,නොදන්නා දෙයක් විස්තර කිරීමට ගණිතාශ්‍රයෙන් සැදූ කතාවකි.ගුරුත්වාකර්ශණය යනු පොල් ගෙඩියක් බිමට වැටීමට හේතුව ලෙස නිව්ටන් ගොඩ නැගූ කතාවය. පසුව අයින්ස්ටයින් පොල් ගෙඩි වැටෙන්නේ අවකාශ කාල වක්‍රතාව නිසා ‍යැයි කීවේය.තව කෙනෙක් කවදා හෝ තවත් කතාවක් කියනු ඇත. යතාර්ථයක් වූ, අවසාන වු එකම හේතුවක් පවතීද?
 සමහරු කියන්නේ විද්‍යාව දැන් සත්‍යට ආසන්නව ඇති බවයි.එසේ කියන්නේ ඔවුන් සත්‍ය දැකලාද?පොල් ගෙඩි වැටීමට හේතුවක් නැත.ඇත්තම වූ ලෝකයක් නැත.යථාර්තයක් නැත..සත්‍ය නම් යථාර්තයක් නොමැති බවයි.මෙය දීර්ඝ ලෙස මා පසුව විස්තර කරනෙමි.විද්‍යාව හෙවත් බටහිර අවිද්‍යාව පට්ටපල් බොරුවකි.

No comments:

Post a Comment