වර්තමාන බුදු සසුනට එල්ල වී ඇති අභියෝග සහ තර්ජන හමුවේ නිර්මල බුදු සසුන ආරක්ෂා කර ගැනීමේ අදහසින් කොළඹ විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ මහාචාර්යවරයකු වන අසංග තිලකරත්න මහතා විසින් පසු ගිය ඉරිදා දිවයින පුවත්පතට යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් යම් අදහසක් එකතු කිරීමට කැමැත්තෙමි.
පසු ගිය සතියේ පල කර තිබු ‘සිරිවර්ධනලා සිරිධම්මලා සහ බුදු සසුනේ ආරක්ෂාව’ යන ලිපිය මම ඉමහත් උනන්දුවෙන් හා ඕනෑකමින් යුතුව කියවීමි.මෙවැනි කාලින ගැටළුවක් සම්බන්ධව ඉතා හරවත් දාර්ශනික මෙන්ම ශාස්ත්‍රීය විග්‍රහයක් මම එතුමන්ගෙන් බලාපොරොත්තු වූ නමුදු මා හට කියවීමට ලැබුනේ පහත් ලෙස භාෂා ව්‍යවහාරයෙන් යුතුව ද්වේශ සහගතව ලියන ලද ලිපියකි.විශ්ව විද්‍යාලයක මහාචාර්ය වරයෙකුට සුදුසුදැයි ප්‍රශ්න කිරීමට තරම් පහත් ගණයේ ලිපියකි.එය බෞද්ධ මහාචාර්ය වරයෙකුට නම් කිසි සේත්ම සුදුසු නොවන බව අවධාරණය කරනු කැමැත්තෙමි.එතුමා බෞද්ධ ධර්මය පිලිබඳ මහාචාර්ය කෙනෙකුන් යයි කියා ගන්නවා වුවද ධර්මය හෙවත් සිත පුරුදු කිරීමක් එතුමන් තුල කිසි සේත්ම පිළිබිඹු වන්නේ නැත.එතුමන් දැනුම අතින් පමණක්ම බෞද්ධ මහාචාර්යවරයෙකු බව මනාවට පැහැදිලි වේ.( උගතා සහා ප්‍රඥාවන්තයා යනු දෙදෙනෙකු බව මා හට තවත් මැනවින් ප්රත්යක්ෂ විය.) මෙහිදී මා සිහියට නැගෙනුයේ ධම්ම පද පාලියේ යමක වග්ගයට අයත් 19,20 ගාථාවන් ය. එහි දැක්වෙන පරිදි යමෙක් හෙතෙම තුන් පිටකය ඉගෙන බොහොම බණ කියතත් තමා එය නොපිලිපදී නම්, නොසලකයි නම්, ඔහු අනුන්ගේ හරකුන් රකිනා ගොපල්ලා මෙන්, මහණ දමේ පලයට හිමි කාරයෙක් නොවේ. එතුමන් බෞද්ධ දර්ශනය පිලිබඳ අචාර්ය මහාචාර්ය පදවි දැරුවද සැබෑම බුද්ධ ශ්‍රාවකයෙකු විසින් ලැබිය යුතු මහණ කමේ ඵලයට හිමි කාරයෙක් නොවන්නේ නොවේද? එසේ හෙයින් එතුමන් තවමත් අනුන්ගේ හරක් බල ගන්නා ගොපල්ලකු බව සිහියේ තබා ගත යුතුය. එසේ බලන කල මා හට මහචර්ය පදවි නොතිබුනද ත්‍රිපිටක ගිරවෙකු නොවුනද සිත පුරුදු කරන්නෙකු බැවින් මහණ කමේ ඵලය ලැබීමට තරුණ වයසේදීම මූලික සුදුසු කම් සපුරා තිබීම ගැන මම සතුටු වෙමි.
උගතකුට වුවත් නොගැලපෙන අන්දමේ භාෂා හැසිරවීමක් එතුමන් තුලින් ප්‍රකට වීම තුල මම ඉමහත් කනගාටුවටත් විමතියටත් පත් වූයෙමි.මන්ද විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස මා හඳුනන මා දැක ඇති මහාචාර්ය වරුන් නම් දැනුමෙන් පරතෙරට ගිය සියුම් තාර්කික බුද්ධියකින් හා විශ්ලේශන ඥානයකින් හෙබි දාර්ශනික අයුරින් ගැටළු දෙස නෙත් යොමන තම විෂය පරාසයේ පතාක යෝධයන්ය.යම් විෂයානුබද්ධ ගැටළුවක් පැන නඟින විට එතුමන්ලා විසදුම් ඉදිරිපත් කරනුයේ විද්‍යාත්මකව හා තාර්කික ඥානයෙන් යුතුව දාර්ශනික පසුබිමක් තුල සිටය.පිළිගත් මුලාශ්‍ර ගෙන හැර දක්වමින් නිදර්ශනද සහිතව කරුණු ගෙන හැර පාන එම විග්රහයන් දුටු කල අසංග තිලකරත්න මහතා විසින් සම්පාදනය කරන ලද ලිපිය මඩ පුවත්පතක ඇති ලිපියකට එහා නොගිය බව කා හට වුවත් වැටෙහෙන දෙයකි.
එතුමා විසින් ලියන ලද එම ලිපිය ගැන සලකන විට සමාජය අපේක්ෂා කරන අන්දමේ දාර්ශනික පදනමක් නොමැති හුදෙක් ද්වේශය මත සිටම ලියන ලද්දක බව පෙනී යයි.මෙය ඉතා කනගාටුදායක තත්වයකි.මතු අනාගත පරපුරට ආදර්ශ සම්පන්න විය යුතු පුද්ගලයන් මෙවැනි අයුරින් පෙනී සිටිද්දී සාසනයද රටද තව තවත් අගාධයට යාම වැළක්විය නොහැක.අවම වශයෙන් ගුරු භුමිකාවේ ගරුත්වය වෙනුවෙන් වත් නිවැරදිව තම වාග් ව්‍යවහාරය ඉදිරිපත් කලේ නම් මැනවි.එබැවින් මම එතුමන්ව අසංග මහතා ලෙස දක්වමින් කරුණු ඉදිරිපත් කරමි.
සිරිවර්ධන මහතා ගිහියෙක් වන අතර එතුමා විසින් සිදු කරනවා යයි පවසන ප්‍රකාශ මම අසා නොමැති බැවින් ඒ පිලිබඳ අදහස් දැක්වීමට කැමැත්තක් නැති බව දන්වමි.පිටිදුවේ සිරිධම්ම හිමියන් යනු වසර 12 ක් මහණ දම් පුරා මහණ කමේ සැබෑම ඵල නෙලාගත් උප සපන් භික්ෂුන් වහන්සේ නමකි.ගිහියන් විසින් පැවිදි නාමය පමණක් යොදා භික්ෂුන් වහන්සේලාව ආමන්ත්‍රණය කරනු මා දැක තිබීන්නේ තෙවැනි පන්තියේ මිනිසුන්ගේ කෝලාහලය න් හිදී පමණි.එම ක්‍රියාව එතුමා වැනි උගතෙකු විසින් සිදු කිරීම බරපතල දෙයකි,සමාජයට මහත් වූ වැරදි ආදර්ශයකි.එම ලිපිය පුරාම එතුමා පිටිදුවේ සිරිධම්ම හිමියන්ව සඳහන් කරන්නේ ‘පිටිදුවේ’ නැතහොත් ‘සිරිධම්ම’ ලෙසය. මෙය එතුමන්ගේ හදවත තුල බුර බුරා නැගෙන ක්‍රෝධයේ ගිනි දළු පිලිබඳ වූ අගනා සංකේතයක් බව මනාව පැහැදිලි වේ.
අසංග මහතා පවසන පරිදි පිටිදුවේ සිරිධම්ම හිමියන් ධර්මය විකෘති කරයි.නමුත් එතුමා,සිරිධම්ම හිමි විසින් ධර්මය විකෘති කලේ කොතනද කුමක්ද යන්න ත්‍රිපිටක මුලාශ්‍ර ඇසුරින් හෝ පෙන්වා දිය යුතුය.නමුත් එම ලිපියේ කිසිදු තැනක එසේ සඳහන් වූ තැනක් නැත.එමඟින් පෙනී යන්නේ ඉතා අසාර්ථක කරුණු විග්රහයක එතුමන් නිරත වී ඇති බවයි,හුදෙක් ද්වේශය මුලික කර ගෙන අපහාස කිරීමට පමණක්ම ලියන ලද්දක බව නම් පැහැදිලිය.පිටිදුවේ සිරිධම්ම හිමියන් දේශනා කරන ධර්ම කරුණු නොතේරෙන ඇතැම් නූගත හා ප්‍රඥාවෙන් හීන පුද්ගලයන් විසින් සිරිධම්ම හිමියන් ධර්මය විකෘති කරනවා යයි අලාප ගොතා තිබුනද විකෘති කලේ කුමක්ද ,කොතනද යන්න පෙන්විමට වත් සිරිධම්ම හිමියන් සමඟ ප්‍රසිද්ධියේ වාචික සංවාදයකට නොපැමිනිමත් සාමාන්‍ය දෙයකි. ප්‍රසිද්ධියේ යනුවෙන් අප මෙහි අදහස් කලේ විද්‍යුත් මාධ්‍යක හෝ ප්‍රසිද්ධ සභාවක් ඉදිරියේ ය. එහෙත් අසංග තිලකරත්න මහතා වැනි ධර්මය දන්නවා යයි කියන අයවලුන්ද කරනුයේ එලෙසින්ම බාහිරින් පමණක් ද්වේශ සහගතව කරනා ලිඛිත විවේචනයක් නම් එය හාස්‍යයට කරුණකි.එම ලිඛිත විවේචනය තුලද කිසිදු දාර්ශනික පදනමක් නැත.
පිටිදුවේ සිරිධම්ම හිමියන් ධර්මය විකෘති කරනවා නම් කල යුත්තේ සියල්ලන්ටම පෙනෙන පරිදි ප්‍රසිද්ධියේ දාර්ශනිකව එම විකෘති කරන ස්ථාන පෙන්වා දීම නොවේද? ඒ සඳහා සිරිධම්ම හිමියන් සමඟ සංවාදයකට එතුමන් හට ශක්තිය ඇතැයි මම සිතමි. එසේ නොවන්නේ නම් ඔබ තුමන් ගේ ඇති මහාචාර්ය පදවි සියල්ල අවබෝධය සඳහා කිසි සේත් වැදගත් නොවන හිස් දැනුමක් පමණි. අසංග තිලකරත්න මහතාට අනුව පිටිදුවේ සිරිධම්ම හිමියන් සිදු කරනුයේ පර ප්‍රවාදයන්ය.එසේ නම් එතුමන් වැනි උගතුන්ගෙන් සමාජය බලාපොරොත්තු වන්නේ සිංහයකු මෙන් ඉදිරියට පැමිණ සිංහ නාද කොට එම ප්‍රවාද සුන් කොට දැමීමය.එසේ නොමැතිව නිවටුන් මෙන් තිරය පිටුපසට වී හූමිටි තැබීම සමාජය අපේක්ෂා නොකරයි.
අසංග තිලකරත්න මහතා පවසන පරිදි පිටිදුවේ සිරිධම්ම හිමියන් ගිහි ඇඳුම් අන්දවා ගෙදර යැවීමට නම් (බුද්ධ නීතියට අනුව පාරාජිකා වුනු හෙවත් භික්ෂුත්වය අහිමි කෙනෙකුට වුවත් සාමනේරයෙකු සේ සිටිය හැක. එතුමන් වැනි ඊනියා ධර්ම ධරයකු මෙය නොදැනීම මහත් හාස්‍යයකි.) ඊට ප්‍රථම උන්වහන්සේ සමඟ ප්‍රසිද්ධ වාචික සංවාදයකින් උන්වහන්සේ ප්‍රකාශ කරන දෑ ත්‍රිපිටක ධර්මයට එක හෙලා විරුද්ධ යයි කරුණු සහිතව පෙන්වා දිය යුතුයි.එවැනි දාර්ශනික සංවාදයකට එතුමන් සුදානම් නම් අපි සිරිධම්ම හිමියන් හමු වී ඒ සඳහා අවස්තාවක් සලසා දීමට මැදිහත් වෙමු.
තවද අසංග මහතාට අනුව ධර්මය දේශනා කිරීමට බෞද්ධ උපාධියක්ද හෝ සහතිකයක් අවශ්‍යය.එසේ නම් සැරියුත් මහරහතන් වහන්සේට තියා තථාගතයන් වහන්සේටවත් එතුමා කියන පරිදි ධර්මය දේශනා කිරීමට අයිතියක් නොමැත.මන්ද ඔය කියන ඊනියා බෞද්ධ උපාධියක් හෝ සහතිකයක් උන්වහන්සේලාට නොතිබුණු හෙයිනි. මාධ්‍ය තුල පිටිදුවේ සිරිධම්ම හිමියන්ට බුදු දහම විවරණය කරන්නට හැකියාවක් ඇතැයි තීරණය කල අය කවුරුන්දැයි ප්‍රශ්න කරන එතුමාගෙන් අපි එතුමාට මාධ්‍ය තුල බුදු දහමට සම්බන්ධ දේවල් විවරණය කිරීමට හැකියාවක් ඇතැයි තීරණය කල ආයතනය කුමක්දැයි අසමු. තවද ලෝකයේ සුපිරි ගණයේ විද්‍යාඥයෙකු වූ ඇල්බට් අයින්ස්ටයින් හට,විශිෂ්ඨ ගණයෙහි ලා වූ ගණිතමය සිද්ධාන්ත ඉදිරිපත් කිරීමට උපාධි ලබා දී තිබූ ආයතන තිබුනාදැයි මම එතුමන්ගෙන් ප්‍රශ්න කරමි.
බෞද්ධ ධර්මය පිලිබඳ මහාචාර්ය වරයෙකු වූ එතුමාට තථාගතයන් වහන්සේ වදාළ දේශනාවක් සිහිපත් කිරීමට කැමැත්තෙමි.අංගුත්තර නිකාය චතුක්ක නිපාතයට අයත් ඨාන සුත්‍රය තුලදී තථාගතයන් වහන්සේ දේශනා කර ඇත්තේ මෙසේය.:
“මහණෙනි කරුණු හතරක් කරුණු හතරකින් දත යුතුය.කුමක්ද ඒ සතර.
ඇසුරින් සීලය දත යුතුය.(දිගු කලක් ආශ්‍රය කිරීමෙන් සීලය දත යුතුය.)
සල්ලාපයෙන් පිරිසිදු බව දත යුතුය.
විපත් වලදී ශක්තිය දත යුතුය.
සාකච්චාවෙන් ප්‍රඥාව දත යුතුය.
මේ අනුව පිටිදුවේ හිමියන්ගේ සීලය ,ප්‍රඥාව නිවැරදි හා පැහැදිලි විමසා බැලීමකින් තොරව නිගමනය කිරීම තුල එතුමන් බෞද්ධ වේශයෙන් සිට බුද්ධ වචනයට පයින් ගසන්නෙකු බවට පත්ව තිබීම කණගාටුවට කරුණකි.බුද්ධ වචනය විකෘති කරන්නේ කවුරුන්ද යන්න ජනයාට හොඳින් වැටහෙනු ඇත.
අසංග තිලකරත්න මහතා විසින් එතුමාගේ ලිපියේ අවසානයේ දක්වා ඇති ප්‍රශ්න වලට එතුමාටම බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා හමුවී පිළිතුරු ලබා ගත හැක.අවශ්‍ය නම් අප එතුමාට එම කරුණු කාරනා පෙන්වා දීමට බුද්ධ ශාසන අමාත්‍යංශයට රැගෙන යාමට වුව සුදානම්ය.එතුමා පවසන පරිදි පිටිදුවේ සිරිධම්ම හිමි වැඩ වාසය කරන්නේ විහාරස්ථානයක නොව නිවසකය.එතුමාගෙන් විමසීමට ඇත්තේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඩ වසන, මහා සංඝයා වහන්සේ වැඩ වසන, ත්‍රිවිධ චෛත්‍ය වැඩ වසන, ධාතුන් වහන්සේලා වැඩ වසන නිවෙසට කියන නාමය කුමක්ද කියා යි. මා දන්නා තරමින් නම් එවැනි ස්ථානයක් හැඳින්විය යුත්තේ පන්සලක් ලෙසිනි. එහෙත් ඔබ තුමන් තුල වූ ද්වේශ සහගත සිතිවිලි මෙම කරුණ පවා අමතක කරන්නට තරම් ප්‍රබල වීම පිලිබඳ මහත් සේ කනගාටුවට පත් වෙමි.
පිටිදුවේ සිරිධම්ම හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ගැන සහ උන්වහන්සේගේ උපසම්පදාව ගැන දැන ගැනීමට අසංග තිලකරත්න මහතාට අපත් සමඟම බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා හමුවීමට යාමට අපි ආරධනා කරමු.
එතුමා විසින් නඟන ලද තවත් ප්‍රශ්නයක් නම් දාරක නඩත්තු නඩුවක් පිළිබඳවය.එම නඩුව අවසන් වී අවසන් තීන්දුවද දී හමාරය. මා දන්නා පරිදි 2009 දෙසැම්බර් 8 වන දින මෙහි තීන්දුව ප්‍රකාශයට පත් විය. අවසන් තීන්දුව නම් සිල්වත් උතුමෙකුට අපහාස කිරීමට සංවිධානාත්මක කල්ලියක් විසින් කරන ලද කුමන්ත්‍රණයක් බවය.අවශ්‍ය නම් එතුමාට එම නඩු තීන්දුවද බලා ගැනීමට ද හැකියාව ඇත.කට කතා එකවරම විශ්වාස කිරීම බෞද්ධයෙක්ට තරම් නොවන අතර ඊනියා බෞද්ධ මහාචාර්ය වරයෙකුට නම් කිසි සෙත් නොවටනේය. කාලාම සූත්‍රයේදී බුදුන් වහන්සේ පවසන පරිදි කට කතාවෙන් කිසිවක් පිලි නොගත යුතු බව පැහැදිලිවම දක්වා ඇති නමුත් එතුමා වැනි මහාචාර්ය වරයෙකු ඒ නොදැනීම පිලිබඳව මගේ විමතිය පල කර සිටිමි. එසේම සුත්ත නිපාතයේ සුන්දරීක සූත්‍රයෙහි දැක්වෙන පරිදි, බමුණෙකු පැමිණ තථාගතයන් වහන්සේගෙන් ජාතිය ගැන ප්‍රශ්ණ කරන විට උන් වහන්සේ පවසනුයේ,ජාතිය නොව, මාගේ සීලය හා ප්‍රඥාව පිලිබඳව ප්‍රශ්ණ කරන ලෙසයි. මා වැනි ලා බාලයෙකු පවා දන්නා මෙවැනි වැදගත් දහම් කරුණු පිලිබඳව වත් අවබෝධයක් නොමතිව බුදු සසුන රැක ගනීමට පදනම් විරහිතව කෑ මොර දීම කොතරම් සුදුසුදැයි මට ගටලුවක් ව පවතී.
තවද එතුමන්ම පවසන පරිදි හෝමාගම පැවති දේශනයකදී පිටිදුවේ සිරිධම්ම හිමියන් වැරදි වූ දෙයක් ප්‍රකාශ කළා නම් අසංග මහතා කල යුතුව තිබුනේ එ අවස්ථාවේදීම එ ගැන පෙරලා ප්‍රශ්න කිරීම හෝ එ ගැන විරුද්ධත්වය පලකොට එය නිවැරදි කිරීමය. ‘වජ්ජ’ හෙවත් ‘වැරදි’ යන වචනයෙහි අර්ථය නම් ‘පෙන්වා දිය යුතු’ යන්නයි. නමුත් එතුමන් ට අනුව වැරදි ප්‍රකාශයක් උන්වහන්සේ දේශනා කළා නම් කල යුතුව තිබුනේ පෙන්වා දීමය.නමුත් නිවට චර්යාවෙන් එතැන මුඛ අයාගෙන සිට පසුව තැන තැන කේලාම් හලමින් යෑම බෞද්ධ ධර්මයටද අගෞරවයකි.පිටිදුවේ සිරිධම්ම හිමියන් ධර්ම දේශනා සඳහා මිලක් නියම කල බවට සාක්ෂි ඇත්නම් පෙන්වා දෙන ලෙස දක්වමි.වෙනත් පිටස්තර බාහිර පුද්ගලයින් පිටිදුවේ සිරිධම්ම හිමියන්ගේ නාමය භාවිතා කොට ධර්ම දේශනා පවත්වන ප්‍රදේශ වල මුදල් එකතු කිරීමේ ජාවාරමක්ද පවතින බව දැක්වීමට කැමැත්තෙමි.
අසංග තිලකරත්න මහතා හට කීමට ඇත්තේ තිස්ස මෙත්තෙයිය ,කච්චායන ගොත්ත සුත්‍ර වල සඳහන් පරිදි අන්ත වලට නොගොස් මධ්‍යස්ත ලෙස යමක් දෙස සොයා බලන ලෙසයි.
ශාසනය තුල තනි අලියන් ඇති වී ඇත්තේ තනි අලියාට සෙස්සන් බිය වී පැන ගොස් තැන තැන හූමිටි තබන නිසාය.තනි අලියා පරාජය නොකොට පොලු මුගුරු වලින් පහර දුන් විට සිදු වන්නේ තනි අලියාගේ ශක්තිය තවත් විරාජ මාන වී බැබලීම නොවේද!
අප දන්නා ඉතිහාසයට අනුව අතීතයේ පටන් සත්‍ය හෙළි කල මුනිවරුන් හට හිංසා පිඩා බොරු චෝදනා එල්ල කලද ඒ මුනි වරුන් ඒ සියල්ල දෙස නිශ්චලව සිටීමෙන් තව තවත් සමාජය තුල ශ්‍රේෂ්ටත්වයට පත් විය.අනගාරික ධර්මපාල තුමන් හට ඒ අවදියේ පුවත් පත් වලින් නොකී දෙයක් නැත.දොන් කරෝලිස් හේවාවිතාරණ ලී බඩු වෙළඳසලේ ප්‍රචාරණ කටයුතු සඳහා එතුමා විදේශ සංචාර කරමින් සිටි බවත් එතුමා සමලිංගික පුද්ගලයෙකු බවත් කියමින් එතුමාට දරුණු ලෙස පහර දුන්නද අද එතුමා රටේ ජාතියේ පියාණන් ලෙස වැඩ සිටියි. පිටිදූවේ හිමියන් හටද එවැනිම පදනම් විරහිත චෝදනා රැසක්ම එල්ල කරති. වරෙක උන් වහන්සේ නෑමට සූදානම් වූ අවස්ථාවක ගන්නා ලද ඡායාරූප විවිධ මාධ්‍ය ඔස්සේ පල කරමින් උන් වහන්සේටද අපහාස කලහ. කෙනෙකු නාන පින්තූර ඡායරූප කර මාධ්‍ය ඔස්සේ මඩ ගැසීමට තරම් ඇතැමුන් සාහසික වීම මහත් ඛේදජනක සිදුවීමකි.(අඳන කඩය හෙවත් තනි සිවුරෙන් සිටීම බුද්ධ නීතියටද එකඟය.සිවුරු හැඳගෙන ස්නානය බුද්ධ නීතියෙන් තහනම්ය.ස්නානය සඳහා තනි සිවුරෙන් සිටීම ප්රමාණවත්ය.) මෙවැනි දේ සිදුවෙද්දීත් අකම්පිතව සියල්ල දරා වැඩ සිටින උන්වහන්සේලා තුලින් පෙන්නුම් කරන්නේ උන්වහන්සේලගේම ශ්‍රේෂ්ටත්වය නොවේද!
අසංග තිලකරත්න මහතාණෙනි ඔබ තුමාට සමාජය එක දෙයක් භාර කර ඇත.ඔබ තුමා පවසන පරිදි පිටිදුවේ සිරිධම්ම හිමියන් බුද්ධ වචනය විකෘති කර ඇත්නම් ඒ පිළිබඳව ප්‍රසිද්ධ සංවාදයකට එළඹ සිටීමයි.එතුමන් හට ඒ සඳහා ශක්තිය ඇතැයි මම විශ්වාස කරමි.අපහාස උපහාස තුලින් සත්‍ය දැකිය නොහැකිය. සිරිධම්ම හිමියන් දේශනා කරන ධර්මය පිලිබඳ මා හට කිසිඳු ගැටළුවක් නොපවතී.එය බුදුන් වහන්සේ වදාල සැබෑම දහම යයි මා ප්‍රායෝගිකව පුහුණු කරමින් අත් දකින බැවිනි. අසංග මහතා , උන් වහන්සේ පවසන දහමෙහි විකෘති ඇති යයි කියන තැන් සෘජුවම ඉදිරිපත් කර නොමැති හෙයින් ධර්මය පිලිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීම මෙහි ලා සිදු නොකලෙමි. මක් නිසාද යත් එතුමන් විමසා ඇත්තේ ප්‍රඥාව පිලිබඳව නොව ඕපා දූප ගොඩක් පිලිබඳවය. එහෙයින් ඊට අවශ්‍ය කරුණු කරනා පමනක් ඉදිරිපත් කලෙමි.
අසංග මහතාව මා මින් පෙර කිසි දිනක හමු වී හෝ සාකච්චා කර නැත. එහෙයින් එතුමන් ගේ ධර්ම ඥාණය පිලිබඳව එක් වරම නිගමනයන්ට මම පත් නොවෙමි. එතුමන් කෙරේ කිසිඳු අමනාපයක් හෝ ද්වේශයක් ද මා තුල නොපවතී. එහෙත් මා දන්නා ධර්මයට අනුව සසඳන කල මෙම ලිපියෙහි විග්රහ කරන දාර්ශනික කරුණු තුල කිසියම් පරස්පර නොගැලපෙන ස්වභාවයක් පෙන්නුම් කෙරෙන බැවින් ඉතාමත් සත් බාවයෙන් යුතුව කරුණු ඉදිරිපත් කලෙමි. පිටිදූවේ හිමියන් හා උන් වහන්සේගේ දේශනාවන් පිලිබඳව අසංග මහතා ඉදිරිපත් කරන කරුණු විස්තර සහිතව ඕනෑම විද්‍යුත් මාධ්‍යයක් තුල ප්‍රසිද්ධියේ විවාද කොට වාදයෙන් උන්වහන්සේව පැරදවීමට එතුමන් සූදානම් නම් පිටිදූවේ හිමියන් හමුවී එ සඳහා අවස්ථාවක් ලබා ගැනීමට මා පෞද්ගලිකවම මැදිහත් වෙමි.මක් නිසාද යත් තරුණයෙක් හැටියට මා හට අවශ්‍ය වනුයේ කිසියම් වූ පුද්ගල පෞර්ෂයක් රැකීමට නොව බුදුන් වහන්සේගේ සැබෑම දේශනාව අවබෝධ කොට දුක නිවා ගැනීම පමනි. එහෙයින් වැරදි මත ඇත්නම් එම දුර්මත පරදවා සබෑම ධර්මය ඉස්මතු කිරීම ආචාර්යවරයෙකු ලෙස අසංග මහතාගේ වගකීමක් ලෙස මම සලකමි. එවිට එතුමන් සැබෑවටම ‘බෞද්ධ’ මහාචාර්ය වරයෙකු ලෙස අපි සියලු දෙනාම එක හෙලා හඳුන්වන්නෙමු.
ධනුෂ්ක රත්නායක .
(උපාධි අපේක්ෂක)
ඉංජිනේරු පීඨය ,
මොරටුව විශ්ව විද්‍යාලය.
Try to search the truth, by looking at your mind......mind on your mind.....and just let the mind go.......
Monday, July 23, 2012
Wednesday, January 18, 2012
The Freedom .....
Actually the world is majorly depending on our mind,not even majorly, completely I would say,The world is our(your) mind.
how does that mind create a world? that's because of the DUALITY of the mind : thoughts .I have explained about that duality or the two folded way of the the mind in my ere articles so I'm not gonna say about it again.
why do we need a freedom?what is freedom? think about it....we all have been trapped to our own mind,thoughts, which are coming nonstop , we think and we believe that there's an actual real world so we are living in that.we think that our own world should be in our control,so we're trying to get that under our control .But is the World really under our control?does the world obey what we expect from them?No. Expectations are only giving suffers even they become true sometimes ,until then we're suffering.
So there's no need to suffer or worry if you can live without expecting anything from any one.when even you're expecting or wishing a thing that it would become true or not,that's nature.you would get,what you have to be given,whether you;re expecting it or not.So leave your thoughts.Live freely without even expecting,or having attachments on your mind.Thoughts are coming to your mind. that's a natural thing,But don't let them get into you,just let them go.But you have to watch carefully about your mind,with a good concentration.Then you can see the Duality of your thoughts and then you can realize that your whole world is beginning in there. when your concentration towards your mind get stronger, you can feel that you have got certain kind of freedom.you have got calm and peace.no need to fight with external world,because world is you.Though you live in that particular world you can smile,you can enjoy everything without having bondage with them.It's the freedom,the eternal happiness keeps you with the freedom.
Free your Mind by letting go.....................

Friday, January 13, 2012
හේතු පල භාවය නොහොත් ද්වයතානුපස්සනාව
"ඉමස්මිං සති ඉදං හොති - ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
ඉමස්මිං අසති ඉදං න හොති - ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣන්ති "
මෙය නම් හේතුපල නියාමනය හෙවත් පටිඡ්චසමුත්පාදයයි..එහි සිංහල තේරුම දෙස බලමු.
"මෙය ඇති කල්හි මෙය වේ. - මෙය හට ගැනීමෙන් මෙය හට ගනී
මෙය නැති කල්හි මෙය නොවේ - මෙය නැති වීමෙන් මෙය නොවේ "
ද්වයතානුපස්සනා සූත්රයෙදී තථාගතයන් වහන්සේ වදාලේ මෙම හේතු පල භාවය හෙවත් ද්වී ස්වභාවයයි.
එය සරළව විමසා බලමු:
අඳුර සහ අලෝකය යන සිතිවිලි දෙක ගෙන බලමු.
අඳුර යන භාවය අපේ සිතේ ඇති වූයේ අලෝකයක් ඇතය යන සිතිවිල්ල නිසාය.ආලෝකයක් කවදාවත් තිබුනේ නැත්නම් අඳුර යයි හැඳින් වීමට දෙයක් නොමැත.අඳුරක් නැත්නම් ආලෝකයක්ද නොමැත.එසේ නම් සැබෑවටම ඇත්තේ ආලෝකයද අඳුරද? සැබෑවටම මෙම සිතිවිලි දෙකෙන් එකක්වත් නැත.
එසේ නම් අඳුර ,ආලෝකය නිසාත්, ආලෝකය අඳුර නිසාත් වේ නම් අඳුර නිරුද්ධ වීමෙන් ආලෝකයද,ආලෝකය නිරුද්ධ වීමෙන් අඳුරද නැති වෙයි.
තව උදාහරණයක් ගනිමු :
A නිසා B තිබේ. B තිබෙන නිසා A ඇත.දෙකෙන් එකක් නැති කිරීමෙන් අනෙකද නැති වෙයි.
මේ ලෝකයේම ඇත්තේ,ලෝකයම පවතින්නේ මෙම සාපේක්ශභාවය නොහොත් ද්වී ස්වභාවය නිසායි.අපට සතුටක් ඇතිවන්නේ දුකක් තිබූ නිසාය.දුකක් ඇති වන්නේ සතුටක් ඇති නිසාය.
කච්චායනගොත්ත සූත්‍රයේ සඳහන් පරිදි මෙම "ඇත" හා "නැත" යන ද්විත්වයෙන් මිදී මධ්‍යයෙන් සිටීම සම්මා දිට්ටියයි.
හේතුපල දහම නම් මෙයයි.තථාගතයන් වහන්සේට මාරිස හෙවත් නිදුකාණන් ලෙස ආමන්ත්‍රණය කරන්නෙත් මෙම දුක නැති කරන මඟ දෙසා මෙලොව දුකත් සාංසාරික දුකෙනුත් සත්ත්වයා මුදවා ගත් නිසාය.
මෙම සාපෙක්ශතාවය නම් ද්වී ස්ව්භාවය ඇති කරවන්නේ තණ්හාව හෙවත් අන්තයන් කෙරෙහි ඇති බැඳීමයි.සියල්ල ඇතහැරිය තැන නිදහසත් සතුටත් ඇත.සියල්ල අතහැරිය විට සිත ,සිතේ ඇති අන්ත ද්විත්වයෙන් මිදී මධ්‍යයට පත් වේ.අවසානයේ මධ්‍යත් අත හැරිය යුතුය.

Friday, January 6, 2012
විද්‍යාත්මක අන්ධානුකාරකයෝ.....
අද ලෝකයේ විද්‍යාව ,තාක්ෂණය ඉතා දියුණු තත්වයක පවතින බව ඔබ,මා,අප සැමට පෙනෙයි.නමුත් සැබැවින්ම අද ලෝකයේ විද්‍යාව කඩා වැටෙමින් පවතින අතර,බටහිර වාණිජ කළමණාකරනය ඇමරිකාව ඔස්සේ හිස ඔසවමින් පවතියි.අප එය පසෙකින් තබමු.......
ඇත්තටම විද්‍යාවක් යනු කුමක්ද?තාක්ෂණය යනු කුමක්ද?
විද්‍යාව යනු( අපට දැන් උගන්වන,අප ඉගෙන ගන්න සහ ඉගෙන ගත් ), බටහිර අවිද්‍යාවෙහිම ප්රතිඵලයකි.මන්ද විද්‍යාවක් යනු ඕනෑම සංස්කෘතියක පවතින ,සංගතව,ක්‍රමානුකූලව සාදා ගත් "දැනුම්" පද්ධතියකි.සරළ වචනෙන් කීවොත් නොදන්නා දෙයක් තේරුම් ගෙන එම ක්‍රියාවලියෙන් වැඩක් ගැනීමට හදා ගන්නා කතන්දරයකි.එම කතන්දර නිර්මණය කරන්නේ අවට ගියාවට නොව,සදා තිබූ අනෙක් කතන්දරවලටද ගැලපෙන්නටය.( මා සෑම විටම සරළව ඉදිරිපත් කරීමට උත්සහ දරන අතර,සරළ අදහස් ගණන් නොගන්න පුස් පඬියන් මේවා කියෙව්වද තම අධි මානය නිසා මේවා පිලි නොගන්නා බවද මම දනිමි.)
පොල් ගෙඩි (හෝ ඇපල් ) බිම වැටෙන්නේ ඇයි? නිව්ටන්ට කලින් මිනිසුන්ට මෙය පෙනුනේ නැද්ද?පෙනෙන්නට ඇත.බුදු රජාණන් වහන්සේත් දකින්නට ඇත.නිව්ටන් පොල් ගෙඩි වැටීමට හේතුවක් නිර්මාණය කළා මිස,යථයක් වූ හේතුවක් කිසි දා නොකීවේය.නිව්ටන් සේම අනෙකුත් විද්‍යාඥයන්ගේ සංකල්පත් එසේමය.නමුත් එම සංකල්ප (කතා) යොදා ගෙන අපට එම සංකල්ප වලට අදාල වූ ක්‍රියාවලි වලින් ප්‍රයෝජන ගත හැකිය.
උදාහරණයක් ලෙස විදුලිය ගත හැක.විද්‍යාව කියන්නේ විදුලිය නම් ඉලෙක්ට්‍රෝන වල සංචරණය බවය.නමුත් එක ඉලෙක්ට්‍රෝනයක්වත් දැක්ක අයෙකු සොයා ගන්නට නැත.ඉලෙක්ට්රෝනයද සංකල්පයකි.විද්‍යාව කලේ එම කතාව ,චුම්බක ක්ෂේත්‍ර වැනි අනෙකුත් කතා ද සමඟ සංගතව සෑදූ තවත් කතාවක් නිර්මාණය කිරීමයි.
ජාතියේ අවාසනාවට අද ලාංකිකයෝ අන් සෑම දෙයටම වඩා මෙම විද්‍යාත්මක බොරු කතන්දර පරම සත්‍ය සේ වැළඳ ගෙන සිටිති.ඔවුන් ප්‍රශ්න කරන්නේ නැත.ඔවුහු කිසි කලෙක ඉන්ද්රිය ගෝචර නොවූ,නොදැනුනු මෙම සංකල්ප විස්වාස කරන අතරම,බුදු දහමේ වූ අමනුෂ්‍යාදී සත්වයින් බැහැර කරති.ඒ එවා විද්‍යාවට අහු නොවන නිසාත්,ඇස් වලට නොපෙනෙන නිසාත් හා පුස්සන් වූ බොරු හේතු වාදීන්ගේ මිත්‍යාවන්ට හසු වීම නිසාත් ය.අප හේතු වාදීන්ගෙන් ප්‍රශ්න කල යුතුය.ඔබලා ගුරුත්වාකර්ෂණය දැක තිබේද?ඉලෙක්ට්‍රෝන වල රසවත් දැන තිබේද?නැත්තම් ඒවා පිලිගන්නේ ඇයි?
බෞද්ධයන්ට ලෝකය යනු ෂඩේන්ද්රියන්ගෙන් ලබා ගන්නා සිතිවිලි පමණකි.( බෞද්ධයන්ට පමණක් නොව සෑම මිනිසාටම එසේය.එය නියම ලෙස දන්නේ බෞද්ධයන් පමණි.එයින්ද නියම බෞද්ධයෝය.)ලෝකයක් නැත්නම් පොල් වැටීම ගැන කවර කතාද?
ලෝකයේ යතාර්ථයක් නැත.යතාර්ථය නම් යතාර්ථයක් නොමැති භාවයම වන "නිබ්බාන" මිසක් අන් කවරක්ද?

Thursday, January 5, 2012
ශූන්‍යතාවය
“සුඤ්ඤතෝ ලෝකය අවෙක්ඛස්සු මෝඝරාජා සදා සතෝ,
අත්තානුදිට්ඨිං ඌහච්ච ඒවං මච්චුතරෝ සියා,
ඒවං ලෝකං අවෙක්ඛන්තං මච්චුරාජ න පස්සතීති
අත්තානුදිට්ඨිං ඌහච්ච ඒවං මච්චුතරෝ සියා,
ඒවං ලෝකං අවෙක්ඛන්තං මච්චුරාජ න පස්සතීති
පින්වත් මෝඝරාජ හැම කල්හි ම සිහියෙන් යුතු ව, ආත්මදෘෂ්ටිය දුරු කොට ලෝකය ශූන්‍ය
වශයෙන් බලන්න. මේ අයුරින් බලන විට මාරයා ඉක්මවා යන්නෙහි ය. මේ අයුරින් ලෝකය
දකින තැනැත්තා ව මාරයා නො දකින්නේ ය.”
වශයෙන් බලන්න. මේ අයුරින් බලන විට මාරයා ඉක්මවා යන්නෙහි ය. මේ අයුරින් ලෝකය
දකින තැනැත්තා ව මාරයා නො දකින්නේ ය.”
මෙය සඳහන් වන්නේ මෝඝරාජ සූත්‍රයේය.මෝඝරාජ භික්ශූන්වහන්සේ ලෝකය ගැන බුදු රජුන්ගෙන් විමසූ අවස්ථාවේ උන්වහන්සේ දුන් පිලිතුර එයයි.
ලෝකය ශුන්‍යය.මන්ද එහි ආත්මයක් වත් ආත්මයකට අයිති දෙයකින්ද ශූන්‍යය.සතිපට්ටානයෙන් තම සිතිවිලි කෙරෙහි සිහියෙන් විමසන තැනැත්තාට තම සිතිවිලි නිරතුරුව අන්ත දෙකකට ගමන් කරනා බව පෙනී යයි,අවබෝධ වෙයි.අපේ සිත විසින් අපට ලෝකයක් මවා පෙන්වන්නේ මේ ද්වී ස්වභාවයෙන් යුතු සිතිවිලි නිසාය.එනම් "ඇත" හා "නැත" යන ද්විත්වයයි.යම් කෙනෙකුන්ට සමස්ථ ලෝකයම යනු මේ සිතිවිලි දෙක බව අවබෝධ වූ විට ඔහුට ලෝකය ශුන්‍ය බව වැටහෙයි.
Tuesday, January 3, 2012
අතහැරීම............
අතහැරීම යනු කුමක්ද?අතහරින්නේ ඇයි?මා හට බොහෝ කාලයක් තිස්සේ තිබූ ගැටළුවකි එය.
අප හට බුදුරජාණන්වහන්සේ සියල්ල අතහරින්න කිවේ මන්ද? ඒ අප අල්ලාගෙන සිටින නිසාය.අල්ලා ගෙන ඇත්තේ කුමක්ද? අල්ලාගෙන අත්තේ ,ඇස,කණ,නාසය,දිව,සම හා මනස යන සය තැනින් ලබා ගන්නා සිතුවිලිය.මමත්වය සමඟ මිශ්‍ර වූ සිතිවිලිය.එසේ නම් අප අතහැරිය යුත්තේ භෞතික දේවල්ද?එසේත් නැත්තම් ඒ භෞතික දේවල් වලට ඇලී තිබෙන සිතද?අත හැරිය යුත්තේ සිතය.භෞතික දේවල් කොතෙකුත් අතහැරියද අප ඒවා අතහැර නැත.මන්ද ඒවායේ පරණ මතකයන්ට ඇති ආශාව හෙවත් තණ්හාව තවමත් ඇති බැවිනි.මිගජාල සූත්‍රයේදී තථාගතයන්වහන්සේ මිගජාල භික්ශුවට වදාරන්නේ එයයි.
සැබවින්ම අතහැරිය යුත්තේ මනසින්ය.කොතෙකුත් මිළ මුදල්,වතුපිටි,යානවාහන,මුතු මැණික් ඇතත් ඒවා සමඟ ඇලීමක් නැත්තම් ඔහු ශ්‍රේෂ්ඨය.සියලු භෞතික දේවල් අතහැර වනගත වූවත් ,ඒවායේ පරණ මතකයන් සමඟ ජීවත් වෙනවා නම් ඔහු අතහැර නැත.
සිතේ ඇති සියලු සිතිවිලි අතහරින්න,එනම් එම සිතිවිලි වලට දෙන වටිනාකම ඉවත් කරන්න.සෑම බඳීමකින්ම සිත ඉවත් කරගත් පසු මනස නිදහස්ය.බැඳීම් වලින් ඉවත් වෙනවා යනු වනගත වීම නොව ලෝකය සිතින් අතහැර එම ලෝකයේම සතුටින්,නිදහසේ වාසය කිරීමයි.ලෝකය යනු සිතිවිලිය.කිසිදු සිතිවිල්ලක් ජනිත නොවූ තැන ලෝකයේ හට ගැනීමක් නැත.එනම් සංසාරයෙන් ඉවත් වීමයි.එම සියලු සිතිවිලි වලින් ඉවත් වී,කිසිදු බැඳීමක් නැති භාවයට ලඟා වීමේ පලමු පියවර අතහැරීමයි.....

Sunday, January 1, 2012
සැබෑ කුමන්ත්‍රණය
අද බුදු දහමට එරෙහිව කුමන්ත්‍රණයක් ඇතැයි බොහෝ කලක සිට කියන දෙයකි.මෙය ඇත්තක් මුත්, එය අල්ලාගෙන සිටිනවුන් සැබෑ කුමන්ත්රණකරුවන් කව්දැයි නොදන්නාබව අපට පෙනී යයි.මෙහි ඇත්ත නැත්ත කුමක්ද??
ඉංග්‍රීසීන් ලක්දිව අල්ලාගත් දා පටන් බුදු දහමට එරෙහිව බටහිර අවි සන්නද්ධ විය.ඔවුන්ට තම ආගම ප්‍රචාරය කිරීමේදී බුදු දහම විශාල බාධාවක් වී ඇති බව වැටහිණි.එම නිසා ඔවුහු බෞද්ධ ධර්මයට එරෙහිව ,එය විනාශ කිරීමට විවිධ ප්රයත්න දැරූහ.සිංහල බෞද්ධයෝ එම සුද්දන්ගේ උගුල් වලින් ශාසනය ආරක්ෂා කර ගත්හ.අනගාරික ධර්මපාලතුමන් වැනි ශ්‍රේෂ්ඨ පුරුෂයෝ තම දිවි පරදුවට තබා සම්බුදු ශාසනය රැකගත්හ.නමුත් අද? අද බටහිරයන්ගේ උගුල් අඩු වී ඇතිමුත් (නැති වී නැත.)ශාසනය රැකිලාද???
අද සිටිනා බටහිර විශ්වවිද්‍යාල වලින් බටහිර කලා උපාධිය හැදෑරූ භික්ශූන්,රැකියා කරන,විශ්වවිද්‍යාල වල ,පාසල් වල උගන්වමින් ඔවුන්ගේ ඊනියා මහණකම් කරමින්,සැබෑ බුදු පුතුන්ට නිගා කරනා භික්ශූන් මෙම ශාසනය විනාශ කර හමාරය.අද පැවිදි සමාජ තවත් එක් ගිහි සමාජයක්ම බවට පත් වී ඇත.රැකියා කරති,කති බොති,ව්‍යාපාර කරති,ඡන්ද ඉල්ලති,දේශපාලන පොර පිටිවල කෑගසති.මෙයද නියම ශාසනික පැවැත්ම?
අද ඉතා සියුම්ව ජාතික්ත්ව මතවාදයේ සිටිමින්ම ශාසනය වනසන පිරිසක් බිහි වී ඇත.මේ චීවරධාරීන් කරන්නේ සිල්වත්.ප්‍රඥාවත් ,දිවි හිමියෙන් සත්‍යය පවසන්නා වූ ස්වාමීන්වහන්සේලාට එරෙහිව,ජාතිකත්වය තුලින්ම අපහාසකර,ක්‍රිස්තියානි මූලධර්මවාදී ලේබලය අලවා, විනාශ කිරීමට තැත් කිරීමය.නිවැරදිව දහමක් දේශනා කිරීමට නොහැකි මේ චීවරධාරීන් මේ ආකාරයෙන් විශාල කුමන්ත්රණයක මේ මොහොතේත් නියැලී සිටිති.
මේ චීවරධාරී භික්ශූන්ගේ ක්‍රියාවලියට දැන් දැන් සැබෑ ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ද සම්බන්ධ වී ඇත.(ආගමකට නිග්‍රහ නොකලෙමි.).උදාහරණයක් ලෙස "පැපරාසියා" නැමැති පල් සඟරාව නම් කළ හැක.එය ප්රකාශනය කරන්නේ ක්‍රිස්තියානි මූලධර්මවාදී කණ්ඩායමක් විසිනි.එහි බොහෝ විට සඳහන් වන්නේ බෞද්ධ සිල්වත් ස්වාමීන්වහන්සේලාට කරන අපහාසයන්ය.මේවාට එම පවතින පව්කාර භික්ශු සමාජ විවේචනය කරන ස්වාමින්වහන්සේලාට විරුද්ධ ඊනියා ජාතිකවාදී,සිංහල බෞද්ධ යයි කියාගන්නා හොර චීවරදාරීන්ද සහයෝගය දෙති.
මෙම හොර චීවර දාරීන්ට පෙන්වීමට බැරි දෙයක් ඇත.එනම් සත්‍ය ලෙසම බුදු දහම අවබෝධ කිරීමට උත්සහ දරනා,එසේ ඒ අතරම ගිහි සමාජයටත් එම ප්‍රතිපදාව කියා දීමට උත්සහ කරනා ස්වාමින්වහන්සේලාය.මෙම ස්වාමින්වහන්සේලා නිසා දැන් එම භික්ශූන්ට පෙර ලෙස සිටීමට නොහැකිය.සිටියොත් දාන මාන ලැබෙන්නේ නැත.ඉස්සර වගේ බිම බලාගෙන සිටියාටද දැන් බෞද්ධයෝ රැවටෙන්නේ නැත.ඇස් පියා ගෙනම සිට ජයින සිල් පෙන්වීමටද නොහැක.එම නිසා මොවුන් එම ස්වාමින්වහන්සේලාට අභූතයෙන් චෝදනා කරති.
අපි මෙම සැබෑ කුමන්ත්‍රණ කරුවන් හඳුනා ගත යුතුය.මේ පැවිදි සමාජ තත්ත්වය ඉදිරියටත් පැවතුනොත් ඉක්මනින් ශාසනය අතුරුදන් වේවි.අද බුදු දහම ලෙස අපිට කියා දෙන්නේ සම්ප්රදායක් පමණි.බුදු දහම රකිනවා යයි කියන්නේ මෙම සම්ප්රදාය රැකීමටය.
ඔබට සැබෑ ලෙසටම උතුම් බුද්ධ ශාසනය රැකීමට අවශ්‍ය නම් කල යුතු වන්නේ සතර සතිපට්ටානය,මධ්‍යම ප්‍රතිපදාව( සැබෑම මධ්‍යයයි ) සම්පූර්ණ කිරීමය.සත්ථු සාසන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත්තේ සැබෑම දහම අඳුනා ගන්නේ ,යම් දහමක් ඇසීමෙන් සිත නිවී ශාන්තියට පත්වේ නම් එය සැබෑම දහම බවයි.

Subscribe to:
Comments (Atom)