අතහැරීම යනු කුමක්ද?අතහරින්නේ ඇයි?මා හට බොහෝ කාලයක් තිස්සේ තිබූ ගැටළුවකි එය.
අප හට බුදුරජාණන්වහන්සේ සියල්ල අතහරින්න කිවේ මන්ද? ඒ අප අල්ලාගෙන සිටින නිසාය.අල්ලා ගෙන ඇත්තේ කුමක්ද? අල්ලාගෙන අත්තේ ,ඇස,කණ,නාසය,දිව,සම හා මනස යන සය තැනින් ලබා ගන්නා සිතුවිලිය.මමත්වය සමඟ මිශ්‍ර වූ සිතිවිලිය.එසේ නම් අප අතහැරිය යුත්තේ භෞතික දේවල්ද?එසේත් නැත්තම් ඒ භෞතික දේවල් වලට ඇලී තිබෙන සිතද?අත හැරිය යුත්තේ සිතය.භෞතික දේවල් කොතෙකුත් අතහැරියද අප ඒවා අතහැර නැත.මන්ද ඒවායේ පරණ මතකයන්ට ඇති ආශාව හෙවත් තණ්හාව තවමත් ඇති බැවිනි.මිගජාල සූත්‍රයේදී තථාගතයන්වහන්සේ මිගජාල භික්ශුවට වදාරන්නේ එයයි.
සැබවින්ම අතහැරිය යුත්තේ මනසින්ය.කොතෙකුත් මිළ මුදල්,වතුපිටි,යානවාහන,මුතු මැණික් ඇතත් ඒවා සමඟ ඇලීමක් නැත්තම් ඔහු ශ්‍රේෂ්ඨය.සියලු භෞතික දේවල් අතහැර වනගත වූවත් ,ඒවායේ පරණ මතකයන් සමඟ ජීවත් වෙනවා නම් ඔහු අතහැර නැත.
සිතේ ඇති සියලු සිතිවිලි අතහරින්න,එනම් එම සිතිවිලි වලට දෙන වටිනාකම ඉවත් කරන්න.සෑම බඳීමකින්ම සිත ඉවත් කරගත් පසු මනස නිදහස්ය.බැඳීම් වලින් ඉවත් වෙනවා යනු වනගත වීම නොව ලෝකය සිතින් අතහැර එම ලෝකයේම සතුටින්,නිදහසේ වාසය කිරීමයි.ලෝකය යනු සිතිවිලිය.කිසිදු සිතිවිල්ලක් ජනිත නොවූ තැන ලෝකයේ හට ගැනීමක් නැත.එනම් සංසාරයෙන් ඉවත් වීමයි.එම සියලු සිතිවිලි වලින් ඉවත් වී,කිසිදු බැඳීමක් නැති භාවයට ලඟා වීමේ පලමු පියවර අතහැරීමයි.....

No comments:
Post a Comment