"ඉමස්මිං සති ඉදං හොති - ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
ඉමස්මිං අසති ඉදං න හොති - ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣන්ති "
මෙය නම් හේතුපල නියාමනය හෙවත් පටිඡ්චසමුත්පාදයයි..එහි සිංහල තේරුම දෙස බලමු.
"මෙය ඇති කල්හි මෙය වේ. - මෙය හට ගැනීමෙන් මෙය හට ගනී
මෙය නැති කල්හි මෙය නොවේ - මෙය නැති වීමෙන් මෙය නොවේ "
ද්වයතානුපස්සනා සූත්‍රයෙදී තථාගතයන් වහන්සේ වදාලේ මෙම හේතු පල භාවය හෙවත් ද්වී ස්වභාවයයි.
එය සරළව විමසා බලමු:
අඳුර සහ අලෝකය යන සිතිවිලි දෙක ගෙන බලමු.
අඳුර යන භාවය අපේ සිතේ ඇති වූයේ අලෝකයක් ඇතය යන සිතිවිල්ල නිසාය.ආලෝකයක් කවදාවත් තිබුනේ නැත්නම් අඳුර යයි හැඳින් වීමට දෙයක් නොමැත.අඳුරක් නැත්නම් ආලෝකයක්ද නොමැත.එසේ නම් සැබෑවටම ඇත්තේ ආලෝකයද අඳුරද? සැබෑවටම මෙම සිතිවිලි දෙකෙන් එකක්වත් නැත.
එසේ නම් අඳුර ,ආලෝකය නිසාත්, ආලෝකය අඳුර නිසාත් වේ නම් අඳුර නිරුද්ධ වීමෙන් ආලෝකයද,ආලෝකය නිරුද්ධ වීමෙන් අඳුරද නැති වෙයි.
තව උදාහරණයක් ගනිමු :
A නිසා B තිබේ. B තිබෙන නිසා A ඇත.දෙකෙන් එකක් නැති කිරීමෙන් අනෙකද නැති වෙයි.
මේ ලෝකයේම ඇත්තේ,ලෝකයම පවතින්නේ මෙම සාපේක්ශභාවය නොහොත් ද්වී ස්වභාවය නිසායි.අපට සතුටක් ඇතිවන්නේ දුකක් තිබූ නිසාය.දුකක් ඇති වන්නේ සතුටක් ඇති නිසාය.
කච්චායනගොත්ත සූත්‍රයේ සඳහන් පරිදි මෙම "ඇත" හා "නැත" යන ද්විත්වයෙන් මිදී මධ්‍යයෙන් සිටීම සම්මා දිට්ටියයි.
හේතුපල දහම නම් මෙයයි.තථාගතයන් වහන්සේට මාරිස හෙවත් නිදුකාණන් ලෙස ආමන්ත්‍රණය කරන්නෙත් මෙම දුක නැති කරන මඟ දෙසා මෙලොව දුකත් සාංසාරික දුකෙනුත් සත්ත්වයා මුදවා ගත් නිසාය.
මෙම සාපෙක්ශතාවය නම් ද්වී ස්ව්භාවය ඇති කරවන්නේ තණ්හාව හෙවත් අන්තයන් කෙරෙහි ඇති බැඳීමයි.සියල්ල ඇතහැරිය තැන නිදහසත් සතුටත් ඇත.සියල්ල අතහැරිය විට සිත ,සිතේ ඇති අන්ත ද්විත්වයෙන් මිදී මධ්‍යයට පත් වේ.අවසානයේ මධ්‍යත් අත හැරිය යුතුය.

No comments:
Post a Comment