Wednesday, December 28, 2011

ලෝකය,විද්‍යාව සහ අපි

අද අප සෑම දෙනාම පාලනය කරනු ලබන්නේ බටහිර දැනුම් ආධිපත්‍ය විසිනි.එයින්ද බටහිර විද්‍යාවට හිමිවන්නේ ප්‍රබලම ස්ථානයකි.ඕනෑම විද්‍යාවක් ගොඩ නැගෙන්නේ එම විද්‍යාව අයත් සංස්කෘතියේ වූ දැනුම් ඌනතාවයට පිලියෙමක් වශයෙනි.සිංහල අපටද විද්‍යාවක් තාක්ශණයක් තිබිණි.නමුත් එම විද්‍යාවේ අවසාන අරමුණ නිවනයි.තථාගත දහම ඇසුරින් සෑම මිනිසෙකුටම වැඩදායි වූ දර්ශණයක් වී නම්  ඒ සිංහල බෞද්ධ සංස්කෘතියේ තිබී මැකී ගිය සිංහල විද්‍යා දර්ශණයි.සැලකිය යුතු දෙය නම් සංස්කෘතිය තුල කවදාවත් සත්‍ය,නිවන,විමුක්තිය නොමැති බවයි.(අද බුදු දහම ලෙස පවතින්නේ සම්ප්‍රදායක් මිස පැහැදිලි ප්‍රතිපදාවක් නොවේ.)
 අපි බටහිර විද්‍යාවට හැරී බලමු.කවරෙක් කුමක් කීවත් මුලු මහත් බටහිර ලෝකයම දුවන්නේ ක්‍රිස්තියානි චින්තනය මතය.
   මුලු මහත් බටහිර විද්‍යාවම රඳා පවතින්නේ නිරපේක්ශ අවකාශය මතය.නිව්ටන් ගේ ඊනියා චලිත සිද්ධාන්ත සියල්ලම වන්නේ මෙම නිරපේක්ශ අවකාශයට සාපේක්ශවය.නිව්ටන් සෑම දෙයක්ම නිරපේක්ශ අවකාශයට ගම්‍ය කොට එම අවකාශය තුල අවස්තිථිතික රාමු සාදා අපට චලිත නියම ඉදිරිපත් කලේය.මේ සෑම තැනම ඇති නිරපේක්ශ අවකාශයෙන් නිරූපණය වන්නේ කවුරුන්ද?ඒ දෙවියන් වහන්සේය.නිව්ටන් කියා සිටියේ දෙවියන් වහන්සේ සෑම තැනම සිටින නිසා නිරපේක්ශ අවකාශය යනු දෙවියන් වහන්සේම වන බවයි.බටහිර විද්‍යාවට  අනුව සැබෑ ලෝකයක් පවතී, යතාර්ථයක් ඇත.අප මැරුනත් නැතත් ලෝකය පවත්යි.ක්වන්ටම් භෞතික විද්‍යාවේ ආගමයත් සමගම නිව්ටෝනියානු සම්භාව්‍ය භෞතික විද්‍යාව කඩා වැටුනි.ඒ යතාර්ථය වෙනුවට අයින්ස්ටයින් වෙනත් යතාර්ථයක් ගෙනාවේය.ඒ අවකාශ කාල වක්‍රතාවයි.ෂෘඩිංගර් බලලාගේ පරීක්ෂණයෙන් ,ක්වොන්ටම් භෞතිකයෙන් යතාර්ථය ප්‍රතික්ශේප වීමට ගියද අයින්ස්ටයින් එයට දැඩි ලෙස විරුද්ධ විය.ඒ දෙවියන් වහන්සේගෙන් වියුක්ත ලොවක් ගැන ඔවුනට සිතීමට නොහැකි බැවිනි.
                   බෞද්ධයන් ලෙස අපට යතාර්ථයක් නැත.ලෝකයක් ලෙස පිලිගැනීමට දෙයක් නැත.මන්ද ලෝකයක් නොමැති බැවිනි.
                 තථාගතයන් වහන්සේ ලෝකය ලෙස පැණවූයේ ඇස, කණ,නාසය,දිව,සිරුර හා මනසයි.මේ සය තැනින් ලබාගන්නා සිතිවිලි ලෝකය මවයි.යමෙකුට සිතිවිලි පහල නොවේ නම් ඔහුට ලෝකයක් නැත.ඔබට රාත්‍රියේ නිදාගත් විට(සිහිනවත් නොපෙනෙන විට )ලෝකයක් පවතීද?අප යමක් ස්පර්ශ කලවිට ස්පර්ශයෙන් සිතිවිලි හට ගනියි.දැනුනු දෙය ඇත්තක් ලෙස මනස මගින් සිතිවිලක් ජනිත කරයි.එවිට ලෝකය පහල වේ.නිබ්බාන යනු කිසිම සිතිවිල්ලක් නැති,මනසද නැති භාවයයි.එය හැදින්වීමට නොහැකිය.ඒ හඳුන්වීමට දෙයක් නොමැති බැවිනි.නිවන ශුන්‍යතාවක්ද නොවේ.හිස් බවක් පවතී නම් එතැන තව යමක් ඇත.එනම් හිස් බවයි.නිවනට වචන නැත.
           ලෝකයක් නොමැති නම් ,යතාර්ථයක් නොමැති නම් අප සෑම දෙනාටම එකම දෙය පෙනෙන්නේ අයි? ඒ අපගේ මෝහ වේගයයි.තණකොල අපට කොළ පාටට පෙනුනද හරකුන්ට පෙනෙන්නේ අළු පැහැයටය.ඒ හරකාගේ මෝහ වේගයේ තරමය.අපට තණකොල කොළ පාටටත්,හරකාට අළු පාටටත් පෙනේ නම් ඇත්ත තණකොලේ පැහැය කුමක්ද?උත්තර දීමට නොහැකිය.සියල්ල තුල ඇත්තේ සාපේක්ශභාවයකි.සැබෑවටම තණකොලයක්වත් නොමැති එකේ එහි පැහැය ගැන කවර කතාද?සියල්ල සිතිවිලිය.රහතන් වහන්සේ තුල සිතිවිලි නැත.උන්වහන්සේලා ලෝකයෙන් එතෙර වී ඇත.එනම් ද්වී ස්වභාවය අවබෝධ කරගෙන ,එම අන්ත අත හැර ,මධ්‍යයට පැමිණ මධ්‍යයත් අත හැර නිවනට පැමින ඇත................

1 comment: