Sunday, January 1, 2012

සැබෑ කුමන්ත්‍රණය

අද බුදු දහමට එරෙහිව කුමන්ත්‍රණයක් ඇතැයි බොහෝ කලක සිට කියන දෙයකි.මෙය ඇත්තක් මුත්, එය අල්ලාගෙන සිටිනවුන් සැබෑ කුමන්ත්‍රණකරුවන් කව්දැයි නොදන්නාබව අපට පෙනී යයි.මෙහි ඇත්ත නැත්ත කුමක්ද??
                     ඉංග්‍රීසීන් ලක්දිව අල්ලාගත් දා පටන් බුදු දහමට එරෙහිව බටහිර අවි සන්නද්ධ විය.ඔවුන්ට තම ආගම ප්‍රචාරය කිරීමේදී බුදු දහම විශාල බාධාවක් වී ඇති බව වැටහිණි.එම නිසා ඔවුහු බෞද්ධ ධර්මයට එරෙහිව ,එය විනාශ කිරීමට විවිධ ප්‍රයත්න දැරූහ.සිංහල බෞද්ධයෝ එම සුද්දන්ගේ උගුල් වලින් ශාසනය ආරක්ෂා කර ගත්හ.අනගාරික ධර්මපාලතුමන් වැනි ශ්‍රේෂ්ඨ පුරුෂයෝ තම දිවි පරදුවට තබා සම්බුදු ශාසනය රැකගත්හ.නමුත් අද? අද බටහිරයන්ගේ උගුල් අඩු වී ඇතිමුත් (නැති වී නැත.)ශාසනය රැකිලාද???
                      අද සිටිනා බටහිර විශ්වවිද්‍යාල වලින් බටහිර කලා උපාධිය හැදෑරූ භික්ශූන්,රැකියා කරන,විශ්වවිද්‍යාල වල ,පාසල් වල උගන්වමින් ඔවුන්ගේ ඊනියා මහණකම් කරමින්,සැබෑ බුදු පුතුන්ට නිගා කරනා භික්ශූන් මෙම ශාසනය විනාශ කර හමාරය.අද පැවිදි සමාජ තවත් එක් ගිහි සමාජයක්ම බවට පත් වී ඇත.රැකියා කරති,කති බොති,ව්‍යාපාර කරති,ඡන්ද ඉල්ලති,දේශපාලන පොර පිටිවල කෑගසති.මෙයද නියම ශාසනික පැවැත්ම?
අද ඉතා සියුම්ව ජාතික්ත්ව මතවාදයේ සිටිමින්ම ශාසනය වනසන පිරිසක් බිහි වී ඇත.මේ චීවරධාරීන් කරන්නේ සිල්වත්.ප්‍රඥාවත් ,දිවි හිමියෙන් සත්‍යය පවසන්නා වූ ස්වාමීන්වහන්සේලාට එරෙහිව,ජාතිකත්වය තුලින්ම අපහාසකර,ක්‍රිස්තියානි මූලධර්මවාදී ලේබලය අලවා, විනාශ කිරීමට තැත් කිරීමය.නිවැරදිව දහමක් දේශනා කිරීමට නොහැකි මේ චීවරධාරීන් මේ ආකාරයෙන් විශාල කුමන්ත්‍රණයක මේ මොහොතේත් නියැලී සිටිති.
මේ චීවරධාරී භික්ශූන්ගේ ක්‍රියාවලියට දැන් දැන් සැබෑ ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ද සම්බන්ධ වී ඇත.(ආගමකට නිග්‍රහ නොකලෙමි.).උදාහරණයක් ලෙස "පැපරාසියා" නැමැති පල් සඟරාව නම් කළ හැක.එය ප්‍රකාශනය කරන්නේ ක්‍රිස්තියානි මූලධර්මවාදී කණ්ඩායමක් විසිනි.එහි බොහෝ විට සඳහන් වන්නේ බෞද්ධ සිල්වත් ස්වාමීන්වහන්සේලාට කරන අපහාසයන්ය.මේවාට එම පවතින පව්කාර භික්ශු සමාජ විවේචනය කරන ස්වාමින්වහන්සේලාට විරුද්ධ ඊනියා ජාතිකවාදී,සිංහල බෞද්ධ යයි කියාගන්නා  හොර චීවරදාරීන්ද සහයෝගය දෙති.
මෙම හොර චීවර දාරීන්ට පෙන්වීමට බැරි දෙයක් ඇත.එනම් සත්‍ය ලෙසම බුදු දහම අවබෝධ කිරීමට උත්සහ දරනා,එසේ ඒ අතරම ගිහි සමාජයටත් එම ප්‍රතිපදාව කියා දීමට උත්සහ කරනා ස්වාමින්වහන්සේලාය.මෙම ස්වාමින්වහන්සේලා නිසා දැන් එම භික්ශූන්ට පෙර ලෙස සිටීමට නොහැකිය.සිටියොත් දාන මාන ලැබෙන්නේ නැත.ඉස්සර වගේ බිම බලාගෙන සිටියාටද දැන් බෞද්ධයෝ රැවටෙන්නේ නැත.ඇස් පියා ගෙනම සිට ජයින සිල් පෙන්වීමටද නොහැක.එම නිසා මොවුන් එම ස්වාමින්වහන්සේලාට අභූතයෙන් චෝදනා කරති.
             අපි මෙම සැබෑ කුමන්ත්‍රණ කරුවන් හඳුනා ගත යුතුය.මේ පැවිදි සමාජ තත්ත්වය ඉදිරියටත් පැවතුනොත් ඉක්මනින් ශාසනය අතුරුදන් වේවි.අද බුදු දහම ලෙස අපිට කියා දෙන්නේ සම්ප්‍රදායක් පමණි.බුදු දහම රකිනවා යයි කියන්නේ මෙම සම්ප්‍රදාය රැකීමටය.
                       ඔබට සැබෑ ලෙසටම උතුම් බුද්ධ ශාසනය රැකීමට අවශ්‍ය නම් කල යුතු වන්නේ සතර සතිපට්ටානය,මධ්‍යම ප්‍රතිපදාව( සැබෑම මධ්‍යයයි ) සම්පූර්ණ කිරීමය.සත්ථු සාසන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත්තේ සැබෑම දහම අඳුනා ගන්නේ ,යම් දහමක් ඇසීමෙන් සිත නිවී ශාන්තියට පත්වේ නම් එය සැබෑම දහම බවයි.

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This is not regarding this article.
    You like the web site www.kalaya.org of Dr. Nalin de Silva but now a days we cannot load this site. Can you please say what happened to this web site?

    ReplyDelete