අද ලෝකයේ විද්‍යාව ,තාක්ෂණය ඉතා දියුණු තත්වයක පවතින බව ඔබ,මා,අප සැමට පෙනෙයි.නමුත් සැබැවින්ම අද ලෝකයේ විද්‍යාව කඩා වැටෙමින් පවතින අතර,බටහිර වාණිජ කළමණාකරනය ඇමරිකාව ඔස්සේ හිස ඔසවමින් පවතියි.අප එය පසෙකින් තබමු.......
ඇත්තටම විද්‍යාවක් යනු කුමක්ද?තාක්ෂණය යනු කුමක්ද?
විද්‍යාව යනු( අපට දැන් උගන්වන,අප ඉගෙන ගන්න සහ ඉගෙන ගත් ), බටහිර අවිද්‍යාවෙහිම ප්රතිඵලයකි.මන්ද විද්‍යාවක් යනු ඕනෑම සංස්කෘතියක පවතින ,සංගතව,ක්‍රමානුකූලව සාදා ගත් "දැනුම්" පද්ධතියකි.සරළ වචනෙන් කීවොත් නොදන්නා දෙයක් තේරුම් ගෙන එම ක්‍රියාවලියෙන් වැඩක් ගැනීමට හදා ගන්නා කතන්දරයකි.එම කතන්දර නිර්මණය කරන්නේ අවට ගියාවට නොව,සදා තිබූ අනෙක් කතන්දරවලටද ගැලපෙන්නටය.( මා සෑම විටම සරළව ඉදිරිපත් කරීමට උත්සහ දරන අතර,සරළ අදහස් ගණන් නොගන්න පුස් පඬියන් මේවා කියෙව්වද තම අධි මානය නිසා මේවා පිලි නොගන්නා බවද මම දනිමි.)
පොල් ගෙඩි (හෝ ඇපල් ) බිම වැටෙන්නේ ඇයි? නිව්ටන්ට කලින් මිනිසුන්ට මෙය පෙනුනේ නැද්ද?පෙනෙන්නට ඇත.බුදු රජාණන් වහන්සේත් දකින්නට ඇත.නිව්ටන් පොල් ගෙඩි වැටීමට හේතුවක් නිර්මාණය කළා මිස,යථයක් වූ හේතුවක් කිසි දා නොකීවේය.නිව්ටන් සේම අනෙකුත් විද්‍යාඥයන්ගේ සංකල්පත් එසේමය.නමුත් එම සංකල්ප (කතා) යොදා ගෙන අපට එම සංකල්ප වලට අදාල වූ ක්‍රියාවලි වලින් ප්‍රයෝජන ගත හැකිය.
උදාහරණයක් ලෙස විදුලිය ගත හැක.විද්‍යාව කියන්නේ විදුලිය නම් ඉලෙක්ට්‍රෝන වල සංචරණය බවය.නමුත් එක ඉලෙක්ට්‍රෝනයක්වත් දැක්ක අයෙකු සොයා ගන්නට නැත.ඉලෙක්ට්රෝනයද සංකල්පයකි.විද්‍යාව කලේ එම කතාව ,චුම්බක ක්ෂේත්‍ර වැනි අනෙකුත් කතා ද සමඟ සංගතව සෑදූ තවත් කතාවක් නිර්මාණය කිරීමයි.
ජාතියේ අවාසනාවට අද ලාංකිකයෝ අන් සෑම දෙයටම වඩා මෙම විද්‍යාත්මක බොරු කතන්දර පරම සත්‍ය සේ වැළඳ ගෙන සිටිති.ඔවුන් ප්‍රශ්න කරන්නේ නැත.ඔවුහු කිසි කලෙක ඉන්ද්රිය ගෝචර නොවූ,නොදැනුනු මෙම සංකල්ප විස්වාස කරන අතරම,බුදු දහමේ වූ අමනුෂ්‍යාදී සත්වයින් බැහැර කරති.ඒ එවා විද්‍යාවට අහු නොවන නිසාත්,ඇස් වලට නොපෙනෙන නිසාත් හා පුස්සන් වූ බොරු හේතු වාදීන්ගේ මිත්‍යාවන්ට හසු වීම නිසාත් ය.අප හේතු වාදීන්ගෙන් ප්‍රශ්න කල යුතුය.ඔබලා ගුරුත්වාකර්ෂණය දැක තිබේද?ඉලෙක්ට්‍රෝන වල රසවත් දැන තිබේද?නැත්තම් ඒවා පිලිගන්නේ ඇයි?
බෞද්ධයන්ට ලෝකය යනු ෂඩේන්ද්රියන්ගෙන් ලබා ගන්නා සිතිවිලි පමණකි.( බෞද්ධයන්ට පමණක් නොව සෑම මිනිසාටම එසේය.එය නියම ලෙස දන්නේ බෞද්ධයන් පමණි.එයින්ද නියම බෞද්ධයෝය.)ලෝකයක් නැත්නම් පොල් වැටීම ගැන කවර කතාද?
ලෝකයේ යතාර්ථයක් නැත.යතාර්ථය නම් යතාර්ථයක් නොමැති භාවයම වන "නිබ්බාන" මිසක් අන් කවරක්ද?

"පුස් පඬියන් මේවා කියෙව්වද තම අධි මානය නිසා මේවා පිලි නොගන්නා බවද මම දනිමි" තමන්ගේ මතයට විරුද්ධ මතය දරන සැමට පුස් පඬියන් ලේබලය ගැසීමේම ඇත්තේ මානයක්.
ReplyDeleteතමන්ගේ 'විශ්වාසය' සියයට සියයක් නිවැරදි දෙයක් හැටියට පිලිගැනීමේම ඇත්තේ මානයක්, ඔබතුමා dogma එකක හිරවෙලා.
මම විද්‍යා වේදියෙක් නෙමෙය් , නමුත් විද්‍යාවේ 'සංකල්ප' පට්ටපල් බොරු යැය් කීමෙන්ම ඔබ විද්‍යාත්මක සංකල්ප පිලිබඳ වැරදි අර්ථ කතනයක් ලබා දෙනව. විද්‍යාව සංකල්ප ඉදිරිපත් කලද ඒ සංකල්ප 'පරම සත්‍යය'යැය් කියා ප්‍රකාශ කරන්නේ නැහැ, සංකල්ප සංකල්ප පමනක් යැය් කියා පිලිගන්නව. String theory ඉදිරිපත් කරන කට්ටිය කවදාවත් ඒක ඇත්තක් කියල කිව්වෙ නැහැ, තමන්ගෙ උපකල්පනය විතරය් කියල පිලිගන්නව. ආගම විද්‍යාවෙන් වෙනස් වෙන්නෙ ඔතන.
ආගම තමන්ගේ අර්ථකතනය ඉදිරිපත් කරන්නෙ ඒක පරම සත්‍යය කියමින්. බයිබලය කියනව තමන් කියන දේ විතරය් ඇත්ත, තමන් කියන විදියට ජීවත් උනොත් දිව්‍ය ලෝකෙ යන්න පුලුවන් කියල, ත්‍රිපිටකය කියනව බුදු දහම තමය් එකම ඇත්ත එහෙම උනොත් සසරෙන් එතෙර වෙන්න පුලුවන් කියල. හැබැය් එහෙම කියන්නෙ කිසිම ශාක්සියක් නැතුව.
ශාක්සි නැතුව ඕනෙම දෙයක් සියයට සියයක් පිලිගැනීම හෙවත් ශ්‍රද්ධාව වැරදි වෙන්නෙ ශාක්සි නැති දෙයක් තිබීමේත් නොතිබීමේත් හැකියාවක් තියෙන නිසා. ශාක්සි නැති දෙයක් තිබීමේත් නොතිබීමේත් 50 50 හැකියාවක් තියෙනව. මම මගේ අත මිට මොලවල ඔබතුමාට පෙන්නල ඇඟිලි ඇතුලේ රුපියල් පහේ කාසියක් තියෙනව කිව්වොත් එතන තියෙන්නෙ 50 50 හැකියාවක්, මගේ අත දිහා බලල රුපියල් පහක් තියෙනව කියල සියයට සියයක් විශ්වාස කලොත් හෝ,නැහැය් කියල සියයට සියයක් විශ්වාස කලොත් හෝ එතන තියෙන්නෙ අන්ධ විශ්වාසයක්. තත්වය හැටියට ඔය ප්‍රතිශතය වෙනස් වෙන්න පුලුවන්. උදාහරනයක් හැටියට හිඟන්නෙක් අත මිට මොලවල මගේ අතේ රුපියල් කෝටියක වෙක් එකක් තියෙනව කිව්වොත් ඒක ඇත්ත වීමේ හැකියාව සියයට පනහකට වඩා, සමහරවිට සියයට දහයක් තරම් අඩුය් කියල අපි නිගමනය කරනව, වාහනේක යන හොන්ද සල්ලි තියෙන පොරක් ඔය කතාව කිව්වොත් ඒක ඇත්ත වීමේ හැකියාව සියයට අසූවක් විතර කියල අපි හිතනව.
එදිනෙදා ජීවිතයේදී අපි මේ හිතන විදිය ආගමට විතරක් වෙනස් කරල සියයට සියයක් විශ්වාස කරන්නෙ ඇය්. පොතක ලියවිලා තියෙන කිසිම ශාක්සියක් නැති ආගමක් ගැන ඔබට සියයට සියයක් විශ්වාසය්, නලීන්ද සිල්වගෙ දර්ශනේ ගැන සියයට සියයක් විශ්වාසය්. " යකෝ මම වැරදි වෙන්නත් පුලුවන්නෙ කියල" හිතන පාටක් නැහැ, ඔබතුමා ආගමෙනුය් නලීන්ගෙනුය් හොඳට මොලේ හෝදගෙන ඔහේ විශ්වාස කරනව.
විද්‍යාව තමන් ලඟ පරම සත්‍ය තියෙනව කියල කියන්නෙ නැහැ, ආගමය් කියන්නෙ. එහෙම කියල මිනිස්සුන්ට නීති ටිකක් දාල බැටලුවො වගේ කොටු කරල තියන්න බලනව, තමන්ට ඕන විදියට නටවනව. විද්‍යාව මිනිස්සුන්ගෙ හැසිරීම පාලනය කරන්න හදන්නෙ නැහැ.
String theory එක විශ්වාස කරපන් පුතේ, හැමදාම string theory හොයාගත්ත මනුස්සට වැඳපන් පුතේ, හැමදාම කාට හරි නූලක් පූජා කරපන් එතකොට පින් හම්බෙනව පුතේ, එහෙම නොකලොත් අපායෙ ගිහින් දුක් විඳින්න වෙනව පුතේ, ඒක නිසා මම කියන විදියට ජීවත් වෙයන් පුතේ කියල විද්‍යාව මිනිස්සුන්ව තමන්ගෙ පදේට නටවන්නෙ නැහැ බැටලුවො ටිකක් වගේ, ඔය කැත වැඩේ කරන්නෙ ආගම. තමන් විශ්වාස කරන දේ වැරදි වීමේත් හැකියාවක් තියෙන බව මතක තියාගන්න.
"නමුත් එක ඉලෙක්ට්‍රෝනයක්වත් දැක්ක අයෙකු සොයා ගන්නට නැත" දැකීම එකම නිරීක්ශනය ක්‍රමය නොවේ. ඉලෙක්ට්‍රෝනය කියා හඳුන්වන දේ කුමන හැඩයක් ගත්තත් එහි ගුනාංග උපකරන මඟින් නිරීක්ශනය කොට ඇත, ඒ ගුනාංග ඇති දේ ඉලේක්ට්රෝනය නමින් හඳුන්වනව, ඒ නිසා ඉලෙක්ට්‍රෝන කියන සංකල්පය ඔබ 'සංකල්පය' කියා හඳුන්වන දේට වඩා සමාන නැහැ, ඔබ සංකල්පයක් කියල හිතන්නෙ කිසිම නිරීක්ශනයක් පදනමක් නැතුව ඔහේ හිතට එන දෙයක් කීම කියල. විද්‍යාව ගැන විවේචන මටත් ගොඩක් තියෙනව, හැබැය් විද්‍යාවට විකල්පය ආගමය් කියල කීම මටනම් මහ විහිලුවක්. විද්‍යාව සියයට 50 ක් තියෙන්නෙ විකාර නම් ආගමේ තියෙන්නෙ සියයට අනූවක්ම විකාර සමයන්.
ReplyDeleteඋපාංග වලට අහුවෙන්නේ ඉලෙක්ට්‍රෝන කියල කවුද කිව්වෙ?පෙන්නුවෙ?උපාංගයකට නම් අහු වෙලා නෑ,එවා ඔප්පු කරේ ගණිතමය සිද්ධාන්ත වලින් මිසක් ඇස් වලට දැක්ක නිසා නෙවෙයි.ඉතින් ගුරුත්වාකර්ශනය දැකල තියෙනවද ඔබ? එසේ නම් පිලිගන්නේ ඇයි?අපි විදුලි එලියක් දැක්කම කියනවා ඒ යන්නේ ඉලෙක්ට්‍රෝන කියා.එහෙම කොහොමද කියන්නේ?ඒක කතාවක් විතරයි!!!කාන්දමකට ඇණ ඇදිලා යන්නේ චුම්භක ක්ශේත්‍රයක් නිසා කියල ඔප්පු කරන්නේ කොහොමද? ඒක ඒ හෙතුවට හදන කතාවක් විතරයි.ඔබ කියනව ඇත්තේ කෲක් නලය ගැන වෙන්නැති,කෲක් නලයේ ගියේ ඉලෙක්ට්‍රෝන කියලා ඔබ දැක්කද?ඒ තියෙන්නේ හේතු විතරයි..
ReplyDeleteපෙන්නන්න ඕන නැහැ, අපි හඳුනගන්නා එක ගුනාංගයකට ඉලෙක්ට්‍රෝනය කියල නම දීල තියෙනව, ඒ ගුනාංගය ඇත්ත, ඉලෙක්ට්‍රෝනයෙ පෙනුම ගෝලයක් වගේ, න්‍යශ්ඨිය වටේ යනව කියල අපි හදාගෙන තියෙන මොඩලය වැරදි වෙන්න පුලුවන්. නමුත් ඉලෙක්ට්‍රෝනය කියන සංකල්පය හදල තියෙන්නෙ විද්‍යාව අත්දකින ඇත්ත සංසිද්ධියකට. "උපාංගයකට නම් අහු වෙලා නෑ". අහු වෙලා නම් තියෙනව.
ReplyDeletehttp://adsabs.harvard.edu/abs/2005AIPC..772..775S
http://www.physorg.com/news160824176.html
වැදගත් වෙන්නෙ අන්න ඒ ගුනාංගයය්, ඉලෙක්ට්‍රෝනයේ පෙනුම, හැසිරීම නෙමෙය්. ඒ වගේම මම කලින් කිව්ව වගේ ඉලෙක්ට්‍රෝන සංකල්පය වැරදි වීමේ හැකියාවක් තියෙන බව විද්‍යාව පිලි ගන්නව, විද්‍යාව කවදාවත් තමන් ලඟ පරම සත්‍ය තියෙනව කියල කියන්නෙ නැහැ.
"ගුරුත්වාකර්ශනය දැකල තියෙනවද" මම නම් ඕන තරම් දැකල තියෙනව, ඔබතුමා දැකල නැත්තන් කොටුවෙ තියෙන ලෝක වෙලඳ මධ්‍යස්ථානෙ උඩම තට්ටුවෙ ඉන්දන් පැනල බලන්නකො මොකද වෙන්නෙ කියල. ගුරුත්වාකර්ශනය කියන්නෙ අපි අත්දකින සංසිද්ධියක්, ඒක fact එකක්, අපි නොදන්නෙ ගුරුත්වාකර්ශනය බිහි වෙන්නෙ ඇය් කියන හේතුවය්. පෑන අත ඇරියම බිම වැටෙනව, ඒක ගුරුත්වාකර්ශනය, ඒක ඇත්ත, ඇය් පෑන බිම වැටෙන්නෙ කියන එකට තමය් අපි ලඟ උත්තර නැත්තෙ. ඒකට නිව්ටන් තමන්ගෙ පැහැදිලි කිරීම ඉදිරිපත් කලා, අයින්ස්ටයින් තමන්ගෙ පැහැදිලි කිරීම ඉදිරිපත් කලා, හෙට වෙන කවුරු හරි තමන්ගෙ පැහැදිලි කිරීම ඉදිරිපත් කරය්, ඒව මොඩල බව ඇත්ත, හැබැය් ඒ මොඩල 'පරම සත්‍යය' කියල විද්‍යාව කියන්නෙ නැහැ. අන්න එහෙනන් ඔබතුමාට චෝදනා කරන්න පුලුවන් විද්‍යාව මිනිස්සුන්ව රවට්ටනව කියල. අන්න එතනය් ඔබතුමා වරද්දගෙන තියෙන්නෙ.
ආගමය් කියන්නෙ තමන් ලඟ පරම සත්‍යය තියෙනව කියල. විද්යාකාරයො කියන්නෙ ඔබය් මමය් වගේම සාමාන්‍ය මිනිස්සු, ඒ මිනිස්සුන්ට ඉදිරිපත් කරන්න පුලුවන් තමන්ගෙ පැහැදිලි කිරීම් විතරය්, ඒ පැහැදිලි කිරීම් වලින් අහසින් යන්න, අන්තර්ජාලයට එන්න පුලුවන් වෙලා තියෙනව.
නමුත් ආගම් පොතේ තියෙන්නෙ මෙහෙමය්, සාමාන්‍ය මිනිහෙක් හිටිය, මිනිහට එකපාරටම අසාමාන්‍ය බලවේගයක් ආව, ඇත්ත තේරුම් ගියා, ඒ ඇත්ත තේරුම් කරල දෙන්න බැහැ, ඇත්ත තේරුම් ගන්න නම් ඔබත් මම කියපු විදියට ජීවත් වෙලා ඒ අසාමාන්‍ය බලවේගෙ ගන්න උත්සහ කරන්න කියන එක විතරය්. ආගමේ 'ඇත්ත' කියල අදහස් කරන්නෙ අපි අත්දකින දෙයක් නෙමෙය්, අපි අත්නොදකින දෙයක්, පුනර්භවය වගේ, නමුත් විද්‍යාව තමන්ගෙ සංකල්ප හදන්නෙ අපි අත්දකින දේවල් වටා. ඒ නිසා ඒ දෙවල් වලින් වැඩක් ගන්න පුලුවන්.
වැඩිය ඕන නැහැ, මට එකම එක රහතන්වහන්සේ කෙනෙක් හොයල දෙන්න, ප්රාතිහාර්ය පෙන්නන,
අන්න එදාට ආගම ඇත්ත දන්නව කියල කියන කතාව පිලගන්නම්, එහෙම ශාක්සි නැතුව රහතන් වහන්සේල ඉන්නව කියල පිලිගන්නවනම් ඉතින් ඔබතුමාට සර්වබලදාරි දෙවියෙකු ගැනත් විශ්වාස කරන්න වෙනව.
මාර තර්කයක් නේ!!! උඩ තට්ටුවක ඉඳන් බිමට පැන්නම දැනෙන්නේ ගුරුත්වාකර්ශනයද? එහෙම නැත්තම් ගුණයක්ද? ඔබ ඔහොම කිව්වට අයින්ස්ටයින් කිව්ව ගුරුත්වාකර්ශනය බොරුය ඇත්තේ අවකාශකාලයේ වක්‍රතාවක් පමණයි කියා.මම කියන්නේ නිව්ටන් ගුරුත්වාකර්ශනය හොයාගත්ත නෙවි,නිර්මාණය කලා කියලා,මොකද ඒ සංකල්පය වෙනුවට ඕන්නෑම හේතුවක් අපිට හදා ගන්න පුලුවන්,ඉලෙක්ට්‍රෝන කියන්නෙත් ඒකමයි.විදුලියේ සංචරනයට හදපු හේතුව තමා ඉලෙක්ට්‍රෝන කියන්නෙ.නැතුව සත්‍ය ලෙස පවතින දෙයක් නොවේ.ඔක්කොම කතා විතරයි,ආගම සත්‍ය නොවේ තමා.මොකද හැම තැනම තියෙන්නේ දෘස්ටි සහ අන්ත.නමුත් බුදු දහම තියෙන්නේ සාමාන්‍ය මිනිහට.ඔබ බුදු දහම ගැන තියන් ඉන්න චිත්‍රය වැරදියි.එකෙ තියෙන්නේ කිසිම දෘශ්ටියක් නොගෙන නිදහසෙ වාසය කිරීමක්.
ReplyDeleteබටහිර විද්‍යාව පංචේන්ද්‍රියන්ට ආනුභවික වේ යැයි කියනු ලැබේ. එහෙත් අපේ පංචෙන්ද්‍රිය පරිපුර්ණ නො වේ. ඒ එක් කරුණක් පමණකි. ආනුභවික වන්නේ එනම් ඉන්ද්‍රියවලට දැනෙන්නේ කුමක් ද? පවතින්නේ ඉන්ද්‍රියවලට දැනෙන දේ පමණක් ද? බටහිර විද්‍යාවෙහි එයට පැහැදිලි පිළිතුරක් නැත. එහෙත් බටහිර විද්‍යාඥයෝ පංචෙින්ද්‍රියන්ට ගෝචරවන ලෝකයක් පවතින බව කියති. පංචෙින්ද්‍රියන්ට ගෝචර විය හැකි ලෝකයක් මිනිසුන් නැතිව වුව ද (පංචෙන්ද්‍රියන්ගෙන් තොරව ද) පවතින බව බටහිර විද්‍යාඥයන් දන්නේ කෙසේ ද? එසේ තිබෙන බව මනසින් තොරව පෙන්විය හැකි අයෙක් වෙත් ද? වෙනත් වචනවලින් කිවහොත් මනසින් තොරව පංචෙන්ද්‍රියන්ට ආනුභවික, එනම් පංචෙන්ද්‍රියන්ට ගෝචරවන ලොවක් ඇති බව මනසෙන් තොරව පංචෙනද්රියන්ගෙන් පමණක් දැනගත හැකි ද? එය කිසිසේත් කළ නොහැක්කකි.
බටහිරයන්ගේ පංචෙන්ද්‍රියන්ට පමණක් (මනස නොමැතිව යන අරුතින්) ආනුභවික ලෝකය ම පට්ටපල් බොරුවකි. ඔවුන් පර්යේෂණ කරන්නේ යැයි කියන්නේ එවැනි ලෝකයක ය. බටහිරයෝ එවැනි ලෝකයක් ඇතැයි සිතාගෙන එහි විවිධ දෑ කරති. එහෙත් ඒ එක් ක්‍රියාවක්වත් මනසෙන් ස්වායත්ත නො වේ. කිසිම අයකුට සංකල්පයකින් තොරව සංජානනයක් ලබාගත නො හැකි ය. සෑම සංජානනයක් ම සංකල්පයක් මත රඳා පවතියි. හැකිනම් සංකල්පයකින් තොරව සංජානන ඇති බව සංකල්පවලින් තොරව පෙන්වන්න. බටහිරයන්ගේ සෑම සංජානනයක් ම පමණක් නොව කාගේත් සංජානන සංකල්ප සමග බැඳී ඇත. බටහිරයන්ගේ සංජානන බටහිර සංකල්ප මත රඳා පවතින අතර, අපේ සංජානන අපේ සංකල්ප මත රඳා පවතියි.
පෝල් ෆෙයරාබන්ඩ් විද්වතා පෙන්වා දී ඇති අයුරින් ද බටහිර විද්‍යාවට ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් නැත. මිනිසා සෑමදාමත් නිරීක්ෂණ හා පරීක්ෂණ කර ඇත. එමෙන් ම ප්‍රවාද හෙවත් කතන්දර ද ගොතා ඇත. ජනප්‍රවාද යනුවෙන් හැඳින්වෙන්නේ ජනතාව විසින් ගෙතෙන කතන්දර ය. මේ කතන්දර හා බටහිර විද්‍යාවේ කතන්දර අතර ඇතැම් විට වෙනසක් දැකිය හැකි ය. ඒ ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් හේතුකොටගෙන නොව චින්තනයේ ඇති වෙනස නිසා ය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනය අනෙක් චින්තනවලට වඩා වියුක්ත ය. එයට යුදෙවුවන්ගෙන් ලැබුණු වියුක්තභාවය වෙයි. එබැවින් බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්ත වෙයි.
වියුක්තය පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. වියුක්ත සංකල්ප සිතින්වත් මවාගත හැකි නො වේ. ඒ යුදෙව් දෙවියන් වහන්සේ මෙනි. දෙවියන් වහන්සේ යනු සිතින්වත් මවාගත නොහැකි සංකල්පයකි. යුදා ආගමේ හා ක්‍රිස්තියානි ආගම්වල දෙවියන් වහන්සේගේ පිළිම අඹා නැත්තේ එබැවිනි. කතෝලික ආගමේ මෙයින් ගොඩ ඒම සඳහා මරියතුමියගේ හා ක්‍රිස්තුස් වහන්සේගේ පිළිම ඇඹිණි. ගැලීලියෝ බටහිර විද්‍යාවට වියුක්තය හඳුන්වා දුන්නේ ය. ඔහු පොළොව ඉර වටා යන බව දැනගත්තේ කොපර්නිකස්ගෙනි. කොපර්නිකස් ඒ බව දැනගත්තේ අරාබි වෙළෙන්දන්ගේ මාර්ගයෙන් භාරතීයයන්ගෙනි. භාරතීයයන් ඒ බව දැනගත්තේ කෙසේ ද? ඔවුන්ට එය සංයුක්ත අත්දැකීමක් විය. ඒ අත්දැකීම මිනිස් ඇසින් ලත් එකක් නොව මනසෙන් ලබාගත් එකක් විය. භාරතීයයන් මනසෙන් ඒ අත්දැකීම ලබාගත්තේ ධ්‍යාන ඉපදවීමෙන් ය. අවශ්‍ය ධ්‍යාන ක්‍රමය ප්‍රගුණ කළ අයට මනසෙන් පොළොව ඉර වටා යනු දැකගත හැකි විය. අප අමතක නොකළ යුතු කරුණු දෙකක් වෙයි. එකක් නම් එය සංයුක්ත දත්දැකීමක් වීම ය. එය පංචෙන්ද්‍රිය ගෝචර නොවුවත් ෂඩේන්ද්‍රිය (මනස හයවැනි ඉන්ද්රිය වෙයි) ගෝචර විය.
බටහිර විද්‍යාව ද නිර්මාණය කෙරී ඇත්තේ (බටහිර) මිනිසුන් විසිනි. බටහිර විද්‍යාව ද පැහැදිලිව ම අවිද්‍යාවකි. බටහිර විද්‍යාවට විද්‍යාව යැයි කීම ද ගැටළුවකි. බුදදහමට අනුව, සිංහල බෞද්ධ චින්තනයට අනුව, බටහිර විද්‍යාව ද අවිද්‍යාවකි. බටහිර විද්‍යාව පමණක් නොව සිංහල බෞද්ධ චින්තනය මත ගොඩනැගෙන දැනුමි පද්ධතීන් ද අවිද්‍යා වෙයි. ඒ පිළිබඳ අපට කිසිදු ගැටළුවක් නැත. එහෙත් බටහිර විද්‍යා අවිද්‍යා යැයි කී විගස ඒ පිළිබඳ ව උරණ වන්නෝ නමි එමට වෙති.
ReplyDeleteමම යන සංකල්පය ගනිමු. මම යන සංකල්පය සඳහා වචනයක් නැති සංස්කෘතියක වුව ද ඒ සංකල්පය ඇත. කුඩා ළදරුවනට මම යන සංකල්පය වෙයි. ඒ පිළිබඳ ඔවුන්ට භාෂාවෙහි අදාළ වචනය නොමැති වීමට ඇති ඉඩකඩ ඉතා අධික ය. එහෙත් ඔවුනට මම යන සංකල්පය වෙයි. බහ තෝරණ වියෙහි පසුවන දරුවනට ද කුඩා ළදරුවන් ගැන අපි මෙහි දී සාකචිඡා කරමු. එපමණක් නො වෙි. ඔිනෑම අපා, දෙපා, බහුපා, සිවුපා සත්වයකුට වුව ද මම යන සංකල්පය ඇත. මෙි සතුන් මරණයට පත්කරන විට හෝ මරණයට ගෙන යන වීට හෝ ඔවුන්ට, එනමි ඔවුන්ගේ මනසට දැනෙන හැඟීමි ඔවුහු ඉතා සංවෙිදී ව ප්‍රකාශ කරති.
මම යන සංකල්පය නොමැතිව වෙනත් සංකල්ප නිර්මාණය කරගත හැකි යැයි නො සිතමි. නාමය මනස ආදී විවිධ සංකල්පවලින් ද ඇතැමිවිට මම යන්න හැඳින්වෙයි. එහෙත් ඒ එකක් වත් මම යන්නට තුල්‍ය පදයක් යැයි නො සිතිය යුතු ය. බුදුදහමෙහි නාම යන්න තවත් විශ්ලේෂණය කෙරෙන්නේ නාම යන්න ද තවත් සංකල්ප පොදියක එකතුවක් බව පෙන්වීමට ය. එහෙත් ඒ සියල්ල අප තනාගන්නා මූලික සංකල්ප වෙයි.
මම යන්න අපේ ඉතාමත් මූලික සංකල්පයකි. මම නොමැතිව මට අනෙකා යන සංකල්පය ගොඩනගා ගත නො හැකි ය. අනෙකා යන්නෙහි මම නොවන යන්න අදහස ගැබි වී ඇත. එහෙත් බටහිර අද සිටිනා ඊනියා මනෝ විද්‍යාඥයන්, විශේෂ’යෙන් ම ලැකාන් වැන්නන්, ඊනියා පශ්චාත්නූතනවාදීන්, පශ්චාත්මාක්ස්වාදීන් ආදීහු ඊනියා අනෙකා ප්‍රධාන ලෙස සලකති. තම ස්වාමිවරුන්ගේ අදහස් පුනරුචිචානය කරන මෙරට සිටින බහුබූත පශ්චාත්තාපවාදීන් ද අනෙකා ගැන කියන්නේ තමා දැනගැනීමට අනෙකා උපකාරි වන බවක් ද අපට කියා දෙමින් ය.
ඇපල් හා පොල් වැටීම පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි වෙයි. එය තේරුම් ගැනීමට නිව්ටන් ගොතා යොදාගත් සංකල්පය ගුරුත්වාකර්ෂණය විය. එහෙත් ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. එසේ වුවත් එය නිව්ටන්ටවත් බටහිර භෞතික විද්‍යාඥයන්ටවත් ප්‍රශ්නයක් නො වී ය. ඔවුහු ගුරුත්වාකර්ෂණය යන්න සත්‍යයක් ලෙස සැලකුහ. නිව්ටන් තම චලිත සමීකරණ ඊනියා අවස්ථිති සමුදදේශ රාමුවල පමණක් වලංගු වන්නේ යැයි කීවේ ය. එහෙත් නිව්ටන්ගේ ඊනියා නිරපේක්ෂ අවකාශයවත් ඊනියා අවස්ථිති සමුද්දේශ රාමුවත් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ.
ReplyDeleteගුරුත්වාකර්ෂණය, අවස්ථිති රාමු ආදිය පංචෙන්ද්‍රිය ගෝචර නොවීම බටහිර භෞතික විද්‍යාඥයන්ගෙන් අතිමහත් බහුතරයට ප්‍රශ්නයක් නො වී ය. ඔවුහු ගුරුත්වාකර්ෂණය යනුවෙන් දෙයක් ඇතැයි සිතුහ. ඔවුන් ඒ නොදැකීම හෝ ස්පර්ශ නොකිරීම හෝ ප්‍රශ්න නො කළහ. එවැනි දේ ප්‍රශ්න කළේ අර්නස්ට් මාක් ය. ගුරුත්වාකර්ෂණය යන්න පැහැදිලිව ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වෙයි. දැන් එසේ තිබිය දී ගුරුත්වාකර්ෂණය ඊනියා යථාර්ථයක් ලෙස පිළිගැනීමට බටහිර භෞතික විද්‍යාඥයන් පෙළඹුනේ ඇයි? කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකු ඇතුලු මෙරට බටහිර විද්‍යාඥයන් ඇතැමකු සහ පාසල්වල විද්‍යාව උගන්වන උපාධිධාරී ගුරුවර ගුරුවරියන් සමහරකු ගුරුත්වාකර්ෂණය තමන්ට දැනෙන බව, එසේත් නැත්නම් ඒ තමන්ගේ අත්දැකීමක් බව කියන්නේ ඇයි?
එයට ප්‍රධාන හේතුව නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයේ ඊනියා සාර්ථකත්ව ය. අහසට විසිකරණ ගලකට සිදුවන්නේ කුමක් දැයි ගුරුත්වාකරෂණ ප්‍රවාදය ආශ්රයෙන් දැනගත හැකි ය. එය කොපමණ කාලයක් අහසේ තිබේ ද ආපසු පොළොවට පැමිණෙන විට එහි ප්‍රවේගය කොපමණ ද ආදී ප්‍රශ්නවලට පිළිතුරු නිව්ටෝනීය ප්‍රවාදයෙන් ඉතා පහසුවෙන් දිය හැකි ය. පාසල්වල හා විශ්වවිද්‍යාලවල අපට ලැබෙන බටහිර ගැති කසිකබල් අධ්‍යාපනය මගින් ගුරුත්වාකර්ෂණය අපට දැනෙන්නක් බවට පත්කෙරී ඇත්තේ එය ඊනියා යථාර්ථයක් බවට පත්කරවමිනි.
ඊනියා යථාර්ථය තමන්ට දැනෙන්නේ යැයි කීමට තරම් මොවුන් නොමග යැවීමට ගුරුත්වාකර්ෂණය තම අත්දැකීමක් බව පැවසීමට තරම් මෙරට විද්‍යාව උගත් සමහරුන් නොමග යැවීමට බටහිර විද්‍යාවෙන් හා බටහිර ගැති අධ්‍යාපනයෙන් විශාල රුකුලක් ලැබේ. තමන්ට ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ කිනම් ඉන්ද්රියකින් ද යන්න කීමට ඔවුන්ට නොහැකි වුවත් ඔවුහු එය තමන්ට දැනෙන්නේ යැයි කියති. මේ අය ගුරුත්වාකර්ෂණය තම අත්දැකීමක් බව කියන්නේ යම් වස්තුවක් උඩකින් අත්හරිනු ලැබුවහොත් එය පොළොවට වැටෙන බව දැක ඇති නිසාත් ඒ එසේ වන්නේ ගුරුත්වාකර්ෂණය බැවින් යැයි පාසලේ දී හා විශ්වවිද්‍යාලයේ දී ඔවුන්ගේ හැඟීම්වලට ජීර්ණකර ඇති නිසාත් ය.කියන්නකෝ ඉතින් ගුරුත්වාකර්ශනය ඔබට දැනෙන්නේ ඔබේ කුමන ඉන්ද්රියටද කියා?